HomeNews

හංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස්වෙයි

හංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස්වෙයි

හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ හංගේරියානු ජනාධිපතිවරිය සිය ඉල්ලා අස් වීම නිව

ශීත සෘතු සමයේ ඇතිවිය හැකි රෝහල් සහ සායන අර්බුදයට නවසීලන්ත රජයෙන් සැලැසුමක්…
නවසීලන්ත ෆියර්ඩ්ලන්ඩ් ජාතික වනෝද්‍යානයේ කිමිදුම්කරුවන්ගේ දුර්ලභ SunFish හමුවීම
ජනපති දේශය වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවන් සිහිකරයි

හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ හංගේරියානු ජනාධිපතිවරිය සිය ඉල්ලා අස් වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ සමාව ලබා දී තිබිණි.

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව හංගේරියානු ජනාධිපතිවරිය ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් පැවසුවේ ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිටි බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

Share this:
error: Content is protected !!
×