සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය - 2024 සහ පොපි මල් සැමරුම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය – 2024 සහ පොපි මල් සැමරුම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි. මෙම අනුස්මරණ උත්සවය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ යුද ස්මාරකය අසල පැවැත්විණි.
ශ්‍රී ලංකා හිටපු සෙබළුන්ගේ සංගමය, සන්නද්ධ සේවා සමඟ එක්ව, මෙම වාර්ෂික උත්සවය සංවිධානය කරනු ලබන්නේ මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව කිරීම සහ සිහිපත් කිරීම සඳහා ය. පළමු ලෝක යුද්ධයේ සිට අද දක්වා ගැටුම්වලදී ජීවිත පරිත්‍යාග කළ අය ද මෙයට ඇතුළත් ය.
එම ස්ථානයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.