HomeNewsSri Lankan News

දෘෂ්‍යාභාධිත අපේ දක්ෂයෝ ආසියානු ක්‍රීඩා උළෙලේ ලක් මව රනින් රිදියෙන් සරසති.

දෘෂ්‍යාභාධිත අපේ දක්ෂයෝ ආසියානු ක්‍රීඩා උළෙලේ ලක් මව රනින් රිදියෙන් සරසති.

4 වැනි දකුණු ආසියානු ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් දිනූ ශ්‍රී ලාංකික දෘෂ්‍යාබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක්

චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කෙරේ
මව් රටේ අහිමි වූ සිහිනය යුරෝපයේ දිනාගත් ගුවන් නියමුවරිය.
ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් හොයන ලාංකිකයා. 

4 වැනි දකුණු ආසියානු ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් දිනූ ශ්‍රී ලාංකික දෘෂ්‍යාබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ජනවාරි 26 වැනිදා පස්වරුවේ ඉන්දියාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියහ.

4 වැනි දකුණු ආසියානු ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ජනවාරි 20 සිට 22 දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්විණි. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අසංක දිසානායක දෘෂ්‍යාබාධිත මීටර් 5000 දිවීමේ ඉසව්වෙන් සහ මීටර් 5000 ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. මීටර් 3000 ඇවිදීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

කිලෝග්‍රෑම් 70 ට අඩු දෘශ්‍යාබාධිත බොක්සිං විවෘත ඉසව්වේ අවසන් මහා තරගයේදී ඉන්දීය ප්‍රතිවාදියා පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි කාලිඩ් ඔස්මන්ඩ් සමත් විය. මීටර 5000 දෘශ්‍යාබාධිත ධාවන ඉසව්වේ රිදී පදක්කමද දිනා ගැනීමට ඔහු සමත් විය.

Share this:
error: Content is protected !!