HomeIndividual

ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් හොයන ලාංකිකයා. 

ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් හොයන ලාංකිකයා.

ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් හොයන ලාංකිකයා. 

     මේ වන විට ලොව පුරා වෙසෙන ලාංකික ප්‍රජාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විවිධ රටවල්වල විශ්වවිද්‍යාල රැසක සුවිශේෂී පරීක්ෂණ වල නිරත

Order of the British Empire සම්මානය ලාංකික විද්‍යාඥ ආචාර්ය සිතම්පරනාදන් මහතාට
ලංකාවේ මහාචාර්ය ගිෂාන් Cambridge වල Dean වෙයි
සියක් ආයු වළඳා අමෙරිකානු හිටපු ජනපති, Nobel සාම ත්‍යාග ලාභී Jimmy Carter දිවි ගමනට සමු දෙයි

     මේ වන විට ලොව පුරා වෙසෙන ලාංකික ප්‍රජාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විවිධ රටවල්වල විශ්වවිද්‍යාල රැසක සුවිශේෂී පරීක්ෂණ වල නිරත වෙති. එමගින් අප රටට පමණක් නොව සමස්ත ලෝකයටම වටිනා නව දැනුම ගවේෂණය කිරීමේ වටිනා ක්‍රියාවලියක ඔවුන් නිරත වී සීටී. මේ එවන් දක්ෂ ලාංකික තරුණයෙක් ලෙස නේෂාද් අමරසිංහ හැඳින්විය හැක. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ, භෞතික විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යාපනය ලබා, 2020 උපාධි ප්‍රධානෝත්සවයේ දී භෞතික විද්‍යාවෙන් දස්කම් දක්වන සිසුන්ට ලබා දුන් සියලු සම්මාන සහ පදක්කම් ඔහු විසින් දිනා ගන්නා ලදී. එමෙන්ම ඔහු භෞතික විද්‍යාව හැදෑරූ කණ්ඩායමේ දක්ෂතම සිසුවා (Batch Top) විය.

     ඔහු ආ ගමන් මග පිළිබඳව අද නිහතමනීව කාතා කරන නෙෂාද් BBC සිංහල සේවයට මෙසේ පවසා තිබුණි ”උසස් පෙළ කාලේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මට මාස හයහතක් ඉස්කෝලේ යන්න, පන්ති යන්න බැරි වුණා. බොහෝ දෙනෙක් හිතුවේ නැහැ අඩු තරමේ මම පළවෙනි වතාවේ උසස් පෙළ ලියයි කියලා. ඒත් මම අවසානයේ කොහොමහරි විභාගය ලියලා ඉංජිනේරු පීඨයට තේරුණා. මගේ ආසාව නිසා ඉංජිනේරු පැත්ත අතහැරලා භෞතික විද්‍යාවෙන් ඉස්සරහට යන්න හිතුවා.” යනුවෙනි.

  මේ වන විට නෙෂාද් මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (Michigan State University) න්‍යෂ්ටික තාරකා භෞතික විද්‍යාව (Nuclear astrophysics) පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. ඔහු සිය ආචාර්ය උපාධිය සඳහා විශ්වයේ වයස පිළිබඳව ගණනයක් සිදු කිරීමට අදාළ පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

Share this:
error: Content is protected !!
×