මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ග
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම්වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට ඔහු තීරණය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ.
ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සමගාමීව මෙම දසබල සේනා වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි. මෙහිදී කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මොරටුවෙන්, ආරම්භ කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීම එහි අරමුණයි.