ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මට්ටම ස්ථායී වෙමින් පැවතියද ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මට්ටම ස්ථායී වෙමින් පැවතියද ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වාදී ඇත්තේ, ආර්ථිකයේ ප්‍රතිලාභ තවමත් ජනගහනයේ වැඩි පිරිසකට ලැබී නොමැති බවයි.
එමෙන්ම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ළඟා වී නොමැති බවද ඔහු පෙන්වාදී තිබෙනවා. බෲවර් මහතා මේ බව පැවැසුවේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළා. එහිදී සතියක් පුරා මෙරට බලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර අයි.එම්.එෆ්. ප්‍රධානීන් පවසා ඇත්තේ රාජ්‍ය අදායම වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දේපල බද්ද ශ්‍රී ලංකාවට වැදගත් සහයෝගයක් ලබාදෙන බවයි.