HomeGeneral

ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

2022 වසරේ ඔක්තෝබර් මාසයේදී පැමිණි සංචාරකයන් ප්‍රමාණය 42,026 වාර්තාවූ අතර එම අගය මේ වසරේ (2023) ඔක්තෝබර් මාසයේ පැමිණීම 109,199 ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්තවලින් පෙන්නුම් කරයි.

ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර හෙළි කරයි
ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර නඩු විභාගයේ නඩු තීන්දුව
නැමීබියාව අන්ත පරාජයකට පත්කරමින් නවසීලන්ත ඕල් බ්ලැක් පිලට විශිෂ්ට ජයක්

ඒ අනුව මෙරටට 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,125,455 ලෙස වාර්තාවල පෙන්නුම් කරයි. ඔක්තෝබර් තුල වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 28,222කි. තවද රුසියාවෙන් 10,629 එක්සත් රාජධානිය 8,454 ජර්මනියෙන් 7,548 චීනයෙන් 6,211 පැමිණ ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියාව, මාලදිවයින, ප්‍රංශය, ඇමරිකාව සහ ස්පාඤ්ඤ යන රටවලින් ද සංචාරකයින් ඔක්තෝබර් මාසයේ වැඩි පිරිසක් පැමිණි රටවල් 10අතර සිටීයි.

Share this:
error: Content is protected !!
×