HomeNewsSri Lankan News

උතුරේ බලය ඇල්ලු උපාධිධාරී පාසල් ගුරුවරයා…

උතුරේ බලය ඇල්ලු උපාධිධාරී පාසල් ගුරුවරයා…

ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායකයා  ලෙස යාපනය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන සිවඥානම් ශ්‍රීධරන් මහතා තේරි පත්වී තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු කච්චි

උතුරු නවසීලන්තයේ තල්මසුන් රැළක් වෙරළට ගසා ගෙන එයි.
ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලය නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ පසුගිය මාස තුළ සිදුවූ සයිබර් අපරාධ…

ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායකයා  ලෙස යාපනය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන සිවඥානම් ශ්‍රීධරන් මහතා තේරි පත්වී තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකයා තේරීමේ පක්ෂ මහ සභාව ත්‍රිකුණාමලයේදී  පැවැත්වුණු අතර, එහිදි පක්ෂයේ දිස්ත්‍රික් සභාවන්හි සාමාජිකයින් 184 දෙනෙකුගේ ඡන්ද ලබා ගනිමින් සිවඥානම් ශ්‍රීධරන් පක්ෂ නායකත්වයට පත්වුණා.  නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වු එම්.ඒ.සුමන්තිරන් වෙත හිමිවී ඇත්තේ,  දිස්ත්‍රික් සභාවන්වල  නියෝජිතයින් 137 දෙනෙකු කැමැත්ත පමණකි.

පක්ෂ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් පැවති අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන්, සිවඥානම් ශ්‍රීධරන් සහ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එස්.යෝගේෂ්වරන් යන අය ඉදිරිපත් වී තිබුණා.  යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දිස්ත්‍රික් සභාවල නියෝජිතයින් 337 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට සහභාගී වී තිබුණා.

1968 දෙසැම්බර් 8 වැනිදා උපත ලබා ඇති සිවඥානම් ශ්‍රීධරන් වෘත්තියෙන් ගුරුවරයෙකු වන අතර,  දේශපාලනයට පිවිසීමට පෙර ඔහු විදුහල්පතිවරයෙකු ලෙස ද  කටයුතු කර තිබෙනවා.  කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් රැසක ගුරුවරයෙකු ලෙස ඔහු සේවය කර තිබෙනවා. එමෙන්ම ඔහු යාපනය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්.  2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වු ශ්‍රීධරන් පසුගිය සෑම මැතිවරණයකදීම  යාපනය මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වුණා.

1949 දෙසැම්බර් 18 වැනිදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ නිර්මාණය වී ඇති පක්ෂයක් ලෙස  ඉලංගෙයි තමිල් අරසු කච්චි සැලකෙනවා.  ආරම්භයේ සිට මේ දක්වා පක්ෂ විධායක සභාවේ ඒකමතික කැමැත්ත මත පක්ෂ නායකයින් තෝරා ගැනීම එම පක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදායයි.  උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයද පසුගිය සමය පුරාවටම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙත පැවැරී තිබෙනවා.

1949 වසරෙන් පසුව පැවැත්වු සෑම මැතිවරණයක් වෙනුවෙන්ම ඉලංගෙයි තමිල් අරසු කච්චි තරග කර ඇති අතර, දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව පසුගිය මැතිවරණවලදී එම පක්ෂය විශේෂ භූමිකාවක් නිරූපණය කළා.

1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා  2004 වසරේ සිට පක්ෂ නායකයා ලෙස කටයුතු කළ අතර, අනතුරුව පක්ෂ නායකයා ලෙසට වර්තමාන පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත තොරා ගෙන තිබුණා.  වර්තමානයේ පක්ෂ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන ආර්.සම්බන්ධන් හා වර්තමාන පක්ෂ නායක මාවේයි සේනාධිරාජාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පක්ෂයට නව නායකයෙක් තෝරා ගැනීමට තීරණය කිරීමෙන් අනතුරුවයි මෙම නිළවරණය පැවැත්වුණේ.

පක්ෂ නායකත්වය ශ්‍රීධරන් වෙත හිමිවීමත් සමඟ සුමන්තිරන් හා එස්.යෝගේශ්වරන් වෙත සහයෝගය ලබාදුන් කණ්ඩායම් අතර යම් බෙදීමක් හටගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වන අතර, එය පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයක් නිර්මාණය වීම දක්වා දුරදිග යන කාරණයක් බවට පත්වීමට ද ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි පවසනවා.  

Share this:
error: Content is protected !!
×