HomeNewsSri Lankan News

සමාජ මාධ්‍ය පනත මඟින් මූලික අයිතිවාසිකම් කඩවන බව විපක්‍ෂ නායක, කතානායකවරයාට දන්වයි…

සමාජ මාධ්‍ය පනත මඟින් මූලික අයිතිවාසිකම් කඩවන බව විපක්‍ෂ නායක, කතානායකවරයාට දන්වයි…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධ

අය අය වැයේ මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යොදවන ලෙස ජනාධිපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්
නවසීලන්ත කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිල ජය අත්කරගනී
ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් පෙන්වා දී ඇත්තේ මෙම පනත මේ මොහොතේ සම්මත වුවහොත් එමඟින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමිවන බවයි.

අදාළ විවාදය ලබන 23 සහ 24 යන දිනවලදී විවාදයට ගැනීමටයි නියමිතව තිබෙන්නේ. විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ, මෙම පනත් කෙටුම්පතේ බහුතර වගන්ති සඳහා සංශෝධන ඉදිරිපත් නොකරන්නේ නම් එය විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී ඇති බවයි. ලොව අනෙකුත් රටවල මෙවැනි පනතක් ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් සහ පුළුල් මහජන අවකාශයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන බවද මෙහිදී එවැන්නක් සිදුව නැතැයිද ඔහු අවධාරණය කර තිබෙනවා.

යම් හෙයකින් මෙය පනතක් ලෙස සම්මත වුවහොත් එමඟින් පිහිටුවනු ලබන ස්වාධීන කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් හිමිවන අතර එමඟින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස කඩවිය හැකි බවද ඔහු සිහිපත් කර තිබෙනවා.

මෙම පනත මඟින් දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම මූලික අපේක්‍ෂාවක් වී ඇතැයි ද එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් සියලු දෙනාට පිළිගත හැකි හා ප්‍රායෝගික පනත් කෙටුම්පතක් නැවත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගැනීම වෙනුවෙන් මෙම විවාදය කල් දමන ලෙස ද ඔහු එම ලිපියෙන් අවධාරණය කර ඇති කාරණයයි.

Share this:
error: Content is protected !!
×