උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ න
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා සිදුකළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා අතර හමුවක් ඊයේ පැවැති අතර, එහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශීලිව පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මේ අතරල ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා සිදුකළා. එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප්ගඊගඩේවිස්, ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ්, බෙනින් ජන රජයේ උපජනාධිපති මාරියම් චාබි තලතා යන අයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.