අපේ article series එකත් එක්ක ඔයා දිගටම රැදිලා හිටියා නම් ඔයා මේ වෙනකොටත් දන්නවා අපි බබෙක්ගේ පොඩි කාලේ ඉදන් අවුරුදු 5 වෙනකන්ම අම්ම කෙනෙක් තාත්තා
අපේ article series එකත් එක්ක ඔයා දිගටම රැදිලා හිටියා නම් ඔයා මේ වෙනකොටත් දන්නවා අපි බබෙක්ගේ පොඩි කාලේ ඉදන් අවුරුදු 5 වෙනකන්ම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දැනගෙන ඉන්න ඕන ගොඩක් දේවල් කතා කලා කියල. ඉතින් ඒ series එකේම තවත් එක article එකක් තමයි මේ. අවුරුදු 6 ක බබෙක් කියන්නේ දැන් ඔයා ගොඩක් වගකීම් වලින් නිදහස් කියල හිතනව ඇති. ඇත්තම ඒක එහෙම නෙමෙයි. තවමත් එයාට ඔයාගෙ support එක වගේම ඔයාගේ attention එකත් ගොඩක් ඕන. එහෙනම් මේ වයසෙ බබෙක් ඉන්න parent කෙනෙක් දැනගෙන ඉන්නම ඕන දේවල් සේරම අපි දැන් කතා කරමු.
පුරුදු විදියටම අපි මුලින්ම කතා කරන්න යන්නේ එයාගේ Language and Cognitive Milestones ගැනයි. ඉතින් මේ වයසට ආවම තමයි බබෙක්ට එයා හිතන දේවල් තව කෙනෙක්ට හරියටම කියන්න පුළුවන්කම හම්බෙන්නේ. ඒ නිසා එයා එයාගේ හිතට එන සිතුවිලි එයාගේ feelings එයාගේ experiences පුළුවන් තරම් අනිත් අයට කියන්න try කරනවා. ඒවගේම තමයි හරිම grammar, use කරලා ඕනම කෙනෙකුට තේරෙන විදියට කතා කරන්නත් එයාට දැන් පුළුවන්. මෙන්න මේ වයසෙදි තමයි බබාලා කැමතිම movie එක, කැමතිම story book එක, කැමතිම tv show එක හෙමත් තෝර ගන්නේ. ඒ වගේම මේ වයසෙදි එයාගේ cognitive abilities ගොඩක් වර්දනය වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට එයාට පුලුවන් ඇත්ත සහ පරිකල්පනය එහෙමත් නැත්නම් imagination and reality එක වෙන් වෙන්ව අදුනගන්න. ඒවගේම ගොඩක් සරල ගණිත සංකල්ප, ඒ කියන්නේ මෙතනට වඩා අතන අඩුයි වගේ කියන්න පුළුවන්. තව ඉස්සරහ උන දේවල් දැන් වෙන දේවල් ඒ කියන්නේ past and present ගැනත් එයාට හොද අවබෝධයක් තියෙනවා. ඉතින් මේ හැමදේකම සාරාංශයක් විදියට අපි check list එකක් බලමු.
- 10 කියන්නේ මොකද්ද කියල එයාට තේරුමක් තියෙනවා. ඒ වගෙම දහය වෙනකන් ගණින්නත් එයාට පුළුවන්.
- එකම වැඩකට මිනිත්තු 15 ක් concentrate කරන්නත් මේ වෙනකොට එයාට හැකියව තියෙනවා.
- අපි එයාට දෙන commands එකක්, ඒ කියන්නේ වැඩ තුනක් තියෙන එකක් එයාට දැන් ලේසියෙන්ම කරන්න පුළුවන්.
- වචන කියවන්න, අකුරු ලියන්නත් බබෙක් පටන් ගන්නේ මෙන්න මේ කාලෙදි තමයි.
අපි දැන් කතා කරමු අවුරුදු 6 ක බබෙක්ගේ Movement, Hand, and Finger Milestones ගැන. මේ වෙනකොට එයා වේගයෙන් වර්දනය වෙනවා වගේම වේගයෙන් අලුත් physical skills ඉගෙන ගන්නවා. මේ skill එයාලා ඉගෙන ගන්නවා වගේම ඒවා නිතරම අත් හදා බල්නවා. ඉතින් එතකොට එයාලා නොදැනුවත්වම එයාලා ඇතුලේ growing confidence එකක් ඇති වෙනවා. Playground එකේ සෙල්ලම් කරන්න,බෝලයක් විසි කරන්න අල්ලන්න, රෝද දෙකේ බයිසිකලයක් පදින්න මේ වයසෙදි බබෙක්ට හොදටම පුළුවන්. තමන්ගේ නම තනියම ලියන්න, body parts එක්ක කෙනෙක්ගේ පින්තූරයක් අදින්න, ශර්ට් එකේ බටන් දාන්න වගේම තනියම දත් මදින්නත් බබෙක් මේ වයසෙදි පුරුදු වෙනවා. මේ වයසේ බබෙක්ගේ Physical Milestones Checklist එක තමයි මේ.
- බබෙක්ට මේ වෙනකොට skip කරන්න පුළුවන්.
- ඒවගේම jump rope කරන්නත් එයාට පුළුවන්.
- නම ලියන්න, අකුරු ඉලක්කම් ලියන්නත් බබෙක් පටන් ගන්නේ මේ කාලෙදි තමයි.
- අඩු තරමේ body parts අටක් එක්ක මනුස්සයෙක්ගෙ රූපයක් අදින්නත් කෙනෙක්ට පුළුවන්.
අපි දැන් කතා කරමු අවුරුදු 6 ක බබෙක්ගේ Emotional and Social Milestones ගැන. මේ වයස වෙනකොට දරුවෝ පුරුදු වෙනවා තනියම ඉන්න. ඒකියන්නෙ වෙනමම තනියම හැමදේම කරන්න එයා ඉගෙන ගන්නේ මේ වයසෙදීයී. ඒ උනත් ස්මහරක් බබාලා තනියම ඉන්න බය වෙන්න පුළුවන්. මේ තත්වය ගොඩක් සාමාන්‍ය එකක්. අපි මේකට කියන්නේ separation anxiety කියලයි. ඒක එයාගේ වයසත් එක්ක ක්‍රමයෙන් අඩු වෙලා යන එකක්. ඒවගේම පුංචිම කාලේ ඇති කරගත්ත friendships වලට වඩා deeper, meaningful, friendship එකක් ඇති කරගන්න එයා මේ කාලෙදි පෙළබෙනවා. ඒවගේම empathy වෙන එක, අනිත් අයගේ දුකක් තේරුම් ගන්න එක, sensitive වෙන එකත් එයා පුරුදු වෙන්නේ මෙන්න මේ කාලෙදීමයි.
මේ ප්‍රධාන Milestones වලට අමතරව, මේ වයසේ බබෙක්ගේ වර්ධනයේ සිද්ධ වෙන විශේෂම සිදුවිමක් තමයි අපි කලින් වීඩියො වල කතා කරපු බබාලට ඇති වෙන Temper tantrums and meltdowns ක්‍රමයෙන් නැති වෙලා යන එක. ඒත් සමහර අවස්ථාවල ඒ තත්වය තව දුරටත් දකින්න ලැබුනොත් ඒක බය වෙන්න කාරණයක් නෙමෙයි. කලින් කිව්වා වගේම ඒ වෙලාවට බබාට ඕන ඔයාගේ ආදරය, සහයෝගය කියන දෙක. අනිත් එක තමයි මේ වයස වෙනකොට එයාට frustrating කියන emotion එක දැනිලයි තියෙන්නේ. හැබැයි ඒක manage කරගන්න එයාට තාමත් තේරෙන්නෙ නැහැ. Example එකක් විදියට කිව්වොත් ගේම් එකකින් පැරදෙන එක, මොකක් හරි skill එකක් ඉගෙන ගන්න අමාරු වෙන වෙලාවට වගේ එයාට අපේක්ෂා භංගත්වයක් එහෙමත් නැත්නම් frustrating feeling එකක් එන්න පුළුවන්. ඒවගේම තමයි ඊර්ෂියාව, වෛරය එහෙමත් නැත්නම් jealousy එකයි rivalry එකයි ගැන බබෙක් ඉගෙන ගන්නෙත් මේ කාලෙදි තමයි.
මේ වයසෙ බබෙක් සමාජය එක්ක ගැටෙන්න පටන් අරගෙන, ඉස්කෝලේ යන වයසට එන කොට කලින්ටත් වඩා අපි එයාලට උදව් කරන්න ඕන. එයා ලගින් ඉන්න ඕන. මොකද එයාලා මේ වෙනකොට cognitively, emotionally, and socially මේ හැම විදියකටම වේගයෙන් වර්ධනය වෙනවා. එයාලට ලියන්න කියවන්න පුරුදු කරන්න අපි පටන් ගන්න ඕන මේ කාලෙදියි. නිදාගන්න කලින් කතාවක් කියල දෙන එක, එයාට ලස්සන කතන්දර පොත් ගෙනත් දෙක එක වගේ දේවල් අපිට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන්. ඒවගේම තමයි එයාට යාලුවෝ එක්ක එකතු වෙලා වෙලා සතුටින් දවස ගෙවන්න පුළුවන් playdates හදලා දෙන්න. Sports කරන්න, එයාගේ hobbies අදුනගන්නත් අපිට පුලුවන් බබාට උදව් කරන්න. නිතරම බබා එක්ක කතා කරන්න. එයාට ඔයා එක්ක කියන්න ගොඩක් දේවල් ඇති. එයාගේ යාලුවො ගැන, එයාගේ ටීචර්ලා ගැන, එයාගේ ඉස්කෝලේ ගැන විස්තර කත කරන්න.ඒක එයාගේ වර්ධනයට ගොඩක් ලොකු උදව්වක්.
මීට අමතරව අපි හැමදාම වගේ ආරක්ෂාව ගැනත් කතා කරනවනේ. මේ වෙනකොට එයා ගිය අවුරුද්දට වඩා අගල් 2 – 2.5 කින් වගේ උසගිහින්. ඒ වගේම බර රාත්තල් 4 – 7 අතර ප්ර්මාණයකින් වැඩි වෙලා. ඒ වගේම එයා දැන් එයාගේ ඇග අනිත් අයත් එක්ක සසදන්න පටන් අරගෙනයි තියෙන්නෙ. ඔයාට පුලුවන් එයාට තේරුම් කරලා දෙන මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට විවිධාකාර shapes and sizes වල ඇගවල් තියෙනවා කියල. මේ කාලය වෙනකොට බබා ගත කරන්නේ ටිකක් අවිවේකී කාලයක්. ඒ නිස එයාට හොද නින්දක්, ඒ කියන්නේ පැය 9 – 12 අතර කාලයක නින්දක් ලබා දෙන්න. ඒවගේම එයාගේ ආහාර වේල සමබර පොෂණීය එකක් කරන්නත් අමතක කරන්න එපා.
අපි කලිනුත් මේ ගැන කතා කරලා තියෙනවා. දරුවන් හැමෝම එකා ප්රමණවලින්, එකම විදියට වර්ධනය් වෙන්නේ නැහැ. එහෙම උනත් ස්මහර අවස්තා තියෙනවා අපිට ඒවා red flags විදියට හදුන්වන්න පුළුවන්. මේ වයසෙ දරුවෙක්ගෙ අපි සැලකිමත් වෙන්න ඕන red flags ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ වයස වෙනකොටත් ඔයාගේ බබා කන්නේ කෑම ජාති 20 කටත් අඩු ප්‍රමාණයක් නම්, ටිකක් ලොකු සද්දයක් එනකොට එයා අත් දෙකෙන් කන් දෙක වහගන්නවා නම් කතා කරන එක, හිනා වෙන එක වගේ සාමාන්‍ය දේවල් වල අපහසුතාවයක් පෙන්වනවා නම්, මේ වගෙ වෙලාවක අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාට පුළුවන් මේ වගේ වෙලාවක වහාම අදාල වෘත්තියවේදීන් වෙත යොමු වෙන්න.
හරි ඉතින් එහෙනම් අපි article එක අවසන් කරන්නයි යන්නේ. parenting කියන එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. හැබැයි බබා අවුරුදු 6 කඩයිමට එනකොට ඔයාට ටිකක් විතර මේක ලේසි වෙනවා. ඒ උනත් ඔයාලා කලින් එයාට දීපු care එක, support එක පොඩ්ඩක් වත් මේ වයසෙදි අඩු කරන්න එපා. එයා වේගයෙන් වර්ධනය වෙන මේ කාලේ ඔයාගේ ආදරය එයාට ගොඩක් වැදගත් වේවී.
Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon