මානසික ආතතිය කියන්නේ අපි අවට ඉන්නා බොහෝ දෙනෙක් කණගාටුදායක විදියට පීඩා විදින මානසික තත්වයක්. මානසික ආතතිය ගැන නිසි දැනුමක් නොමැති වීම මේ තත්වය තවත් දර
මානසික ආතතිය කියන්නේ අපි අවට ඉන්නා බොහෝ දෙනෙක් කණගාටුදායක විදියට පීඩා විදින මානසික තත්වයක්. මානසික ආතතිය ගැන නිසි දැනුමක් නොමැති වීම මේ තත්වය තවත් දරුණු කරවීමට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අද ලිපියෙන් බොහෝ දෙනෙක් පීඩා විදින මේ අවාසනාවන්ත තත්වය ගැන හැමදේම කතා කරන්න අපි සූදානම්.
මොකද්ද මේ මානසික ආතතිය කියන්නේ?
මානසික ආතතිය විදියට අපි හදුන්වන්නේ යම් පුද්ගලයෙකුට තමන්ගේ ජිවීතය තුල උදා වෙන දරාගත නොහැකි තත්වයක් නිසා ඇති වෙන මානසික පීඩනයකටයි. මේ පීඩනය කෝපයක්, කල කිරීමක් හෝ වේදනාවක් විදියට අන් අයට පෙනෙන්නට පුළුවන්. සමහරක් වෙලාවන් වලදී තවත් කෙනෙකුට නොපෙනුවත් යම් පුද්ගලයෙක් ඉතා විශාල මානසික ආතතියකින් සිටිනවා වෙන්නට පුළුවන්. සාමාන්‍යෙන් නීරෝගී පුද්ගලයෙකුට තමන්ගේ ජිවීතය තුල අභියෝගාත්මක අවස්ථාවකදී ආතති ස්වාභාවයක් ඇති වීම ස්වාභාවික දෙයක්. නමුත් මේ තත්වය සාමාන්‍ය අගය ඉක්මවා ගිය අවස්ථාවේදී එය කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට හානි කර ලෙස බලපාන්නට පුළුවන්.
මානසික ආතතිය කෙනෙකුට බලපාන්නේ කොහොමද?
ආතතිය පුද්ගලයෙකුගේ ශරිරයට වගේම මනසටත් එක සේ බලපෑම් ඇති කරවනවා. ඔනෑම පුද්ගලයෙකුට යම් ප්‍රමාණයකට ආතති තත්වයක් තිබීම යහපත් වන්නේ එදිනෙදා කාර්යයන් නිවරදිව කලට වෙලාවට සිදු කිරීමට එමගින් උත්තේජනයක් ලැබීම නිසායි. නමුත් කලින් සදහන් කලා වගේම මෙම තත්වය වර්ධනය වුවහොත් කෙනෙකුට කායික මෙන්ම මානසික පීඩාද එක සේ ඇති වෙන්නට පුළුවන්.
මානසික ආතතියේ ලක්ෂණ මොනවාද?
- මනස එක අරමුණක තබා ගැනීමට අපහසු වීම.
- හිසරදය, ශරීරයේ වේදනා තත්ව, උදරයේ වේදනා සහ නිදා ගැනීමේ අපහසුතා ඇති වීම.
- අනවශ්‍ය තරම් ආහාර ගැනීම හෝ ආහාර රුචිකත්වය අඩු වී යාම.
- මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම.
ඒවගේම මානසික ආතතියට සියලුම දෙනා ප්‍රතිචාර දක්වන්නේ එකම ආකාරයට නොවන බවත් අපි මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. මේ නිසා මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ සහ හැසිරීම් රටා එකිනෙකට වෙනස් වෙන්නට පුළුවන්. ඒවගේම මානසික ආතතියට ඔනෑම පුද්ගලයෙක් ජීවිතයේ එක වරක් හෝ මුහුණ දී තිබෙනවා.
කලින් සදහන් කලා වගේම මානසික ආතතිය ඔනෑම කෙනෙකුට දරා ගත හැකි සීමාවක් තුල ඇති වීම සම්පූර්ණයෙන්ම ස්වාභාවික කාරණයක් වෙනවා. රැකියා සම්මුඛ පරීක්ෂණයකදී, පාසලේ විභාගයකදී, දරුවන්ගේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න වෑනි දේවල් වලදී ඔනෑම පුද්ගලයෙක් මානසික ආතතියට පත් වෙනවා. නමුත් එම තත්වය ක්‍රම ක්‍රමයෙන් පහව යෑම සිදු නොවන්නේ නම් එවැනි පුද්ගලයන් අනිවාර්යෙන්ම ප්‍රතිකාර සදහා යොමු විය යුතු වෙනවා.

මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
01. මානසික ආතතිය පාලනය කරගන්න.
මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයෙකුට තමන්ගේ ආතති තත්වයන් පාලනය කරගෙන මානසික පාලනයක් ඇති කර ගැනීම සදහා අනුගමනය කල හැකි ලිපි මාලාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී තිබෙනවා. එම ලිපි මාලවට පිවිසීමට මෙම link එක භාවිතා කරන්නට ඔබට පුළුවන්.
02. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම කෙනෙකුගේ කායික සහ මානසික සෞඛ්‍යය සදහා අතිශයින් වැදගත් වෙනවා. දහවල් කාලය තුල අපිට එල්ල වෙන කායික සහ මානසික පීඩා සියල්ලෙන් අපි සුවපත් වෙන්නේ රාත්‍රි කාලයේ ලබා ගන්නා නින්ද හරහායි.
– නිදා ගැනීමට සහ අවදි වීමට එකම වෙලාවක් තබා ගන්න. සති අන්ත වලදිත් එම දින චර්යාව අනුගමනය කරන්න.
– නිදා ගන්නා ස්ථානය අදුරු, නිහඩ සහ මනස සන්සුන් කරවන ස්ථානයක් ලෙස සකස් කරගන්න.
– නිදා ගැනීමට පෙර ටීවී බැලීම, පරිඝනක හා ජංගම දුරකථන භාවිතය අවම කරන්න.
– නින්දට පෙර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම සහ කැෆේන් අඩංගු ආහාර අනුභව කිරීමෙන් වලකින්න.
– දිනපතා ව්‍යායාම සිදු කරන්න. ඒ තුලින් සුවදායී නින්දක් ලබා ගන්නට පුළුවන්.
03. අවට සමාජය සමග යහපත් සබදතා පවත්වා ගන්න. තමන්ගේ මනසට පීඩාවක් ඇතිවෙන තත්වයක් පිලිබදව කතා බහ කිරීමට සහ තමන්ගේ අදහස් බෙදා හදා ගැනීමට හැකි යහළුවන් මිතුරන් පිරිසක් නිර්මාණය කරගන්න.
04. ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. නැවුම් එලවළු සහ පළතුරු ආහාර්‍යට එකතු කරගන්න. නිවරදි ආහාර රටා අනුගමනය කරන්න.
Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon