HomeEducation

බයට බය වෙන්න එපා , එන්න අපි ඒ බය නැති කරගෙන ඉස්සරහට යමු…

බයට බය වෙන්න එපා , එන්න අපි ඒ බය නැති කරගෙන ඉස්සරහට යමු…

ඉලක්කයක් , අරමුණක් කියන්නේ ඔයාගෙත් මගෙත්  ජීවිතයට අවශ්‍යම දෙයක්. හුස්ම ගන්නවට හුස්ම අරන් ඔහේ මැරිලා  යනවට වඩා  අරමුණක් වෙනුවෙන් ජිවිතේ

Depression වලින් මිදෙන්න self-care routine එකක් අනුගමනය කරමු.
ඕස්ට්‍රේලියාවේ, ජූලි සිට Temporary Graduate වීසා වලට වෙනසක්…
ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි.

ඉලක්කයක් , අරමුණක් කියන්නේ ඔයාගෙත් මගෙත්  ජීවිතයට අවශ්‍යම දෙයක්. හුස්ම ගන්නවට හුස්ම අරන් ඔහේ මැරිලා  යනවට වඩා  අරමුණක් වෙනුවෙන් ජිවිතේ කැපකරන එක ගොඩක් එලදායි දෙයක් කියලා අපි දන්නවා. ඉලක්කයක් කියන්නේ   පුද්ගලක් විදිහට වර්ධනය වෙවින් ඒ අරමුණ  ඉරුකරගන්නට අපව මෙහෙයවන මාලිමාවක් වගේ.

නමුත් මිනිසුන් විදිහට අපි ඉලක්ක ගැන කතා කරනවට වඩා අපි කරන්නේ ඒකට තියන බාධක ගැන හිතන එක. අපි හැමවෙලාවෙම අපේ හිතින් අපිටම හේතු හොයාගන්නවා.මානසික බාධක ( Mental barriers) යනු පුද්ගලයකුගේ ප්‍රගතියට බලවත් බාධාවක්. ස්වයං සැකය, බිය සහ වෙනත් අය කියන ඍණාත්මක කතා  වලින් අපි ගොඩක් වෙලාවට  තියන අඩියත්  පස්සට ගන්නවා. මේ බාධක ජය ගන්නට නම්  ඒ වගේ අතාර්කික සිතුවිලි  හඳුනා ගැනීම, ඒවාට  අභියෝග කිරීම සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම වගේ දේවල් අපි නිතර පුරුදු කරන්න ඕනි. එකෙන් අපිට අපිවම ජය ගන්න පුළුවන්.

අනාරක්ෂිත භාවය(Insecurity fear) යන එකෙන් අදහස් වෙන්නේ  ගොඩක් වෙලාවට  අඩු ආත්ම අභිමානයක්  හරහා මෙහෙයවනු ලබන, පදනම් විරහිත අතිමහත් බියක්. නිදසුනක් වශයෙන්,කෙනෙක්  රැකියාවේදී තමන්ට  තියන හැකියාවන් නිරන්තරයෙන් සැක කරන එක, මට මේක හරියට කරගන්න පුළුවන් වෙයිද , මන් අසාර්ථක වුනොත් මොකද වෙන්නේ, එහෙමත් නැත්නම්  ආදර සබඳතාවයකදී  අනිත් කෙනා ගැන  සැක කරන එක, එයා මට බොරුවක්ද කරන්නේ වගෙ දෙයක් තමා මේ අනාරක්ෂිත භාවය කියන එකෙන් හදුන් වන්නේ. අපෙ අරමුණු වලට යන්නට,අන්තර් පුද්ගල සම්බන්ධතා වලට , පුද්ගල සංවර්ධනයට මේ අනාරක්ෂිත භාවය(Insecurity fear) සෘජුව හා වක්‍රාකාරව බලපානවා.

අපි දැන් මනෝවිද්‍යා තියරියක් මගින් මෙන්න මේ කියන අපී අරමුණු වලට යන්නට අපිට බාධා කරන සිතුවිලි වලින් ඉවත් වෙන්නට පාරක් හොයාගමු.

Albert Bandura ගේ ස්වයං-කාර්යක්ෂමතා න්‍යාය(Self-efficacy theory) මනෝවිද්‍යාවේ වැදගත් න්‍යායක් . මේ න්‍යාය හරහා නිශ්චිත කාර්‍යන්  ඉටු කර ගැනීම, , මිනිසුන්ගේ  ඉලක්ක සපුරා ගන්නට  ඇති හැකියාව ගැන වගේම පුද්ගලයන් පිලිබදව තිබෙන  විශ්වාසය කෙරෙහි අවධානය ගැනත් මේ සංකල්පයෙන් විස්තර කරලා තියනවා. ස්වයං-කාර්යක්ෂමතා (Self-efficacy)විශ්වාසයන් මිනිසුන් කරන තේරීම්, ඔවුන් කාර්යයන් සඳහා කොපමණ උත්සාහයක් දැරීම, දුෂ්කරතා හමුවේ ඔවුන්ගේ නොපසුබට උත්සාහය සහ අවසානයේ ඔවුන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි බලපාන ආකාරය පිළිබදව  ප්‍රධාන කොටස් කීපයක් යටතේ විස්තර කර තිබෙනවා.

ස්වයං-කාර්යක්ෂමතා න්‍යාය – Self-efficacy theory – Alfred bandura

කාර්ය සාධන අත්දැකීම් : Mastery Experience (Performance Accomplishments):

කාර්යයක් සාර්ථකව ඉටු කිරීම අපගේ ස්වයං කාර්යක්ෂමතාව පිළිබඳ හැඟීම ශක්තිමත් කරනවා. එහෙම උනත් , කාර්යයක් හෝ අභියෝගයකට අවධානය, කැපකිරීම වගේ දේවල් අපිට උපරිමයෙන් දෙන්න බැරි  උනාම  , එහෙමත් නැත්නම් අපි අපොහොසත් වුණොත්  ස්වයං-කාර්යක්ෂමතාව  දුර්වල වෙන්නට පුළුවන්

සමාජ ආකෘති නිර්මාණය : Social Persuasion:

කවුරුහරි කෙනෙක් වැඩක්  සාර්ථකව ඉවර කරපු  වෙලාවක , ඒ ගැන ඔයා දැනගත්තම ඔයාගේ  ස්වයං-කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.මෙන්න මේ සංකල්පය  තවත් වැදගත් සංකල්පයක්. , Albert Bandura ට අනුව “තමන්ට සමාන පුද්ගලයින් තමන්ගේ  උත්සාහයෙන් සාර්ථක වන බව දැකීම ඔවුන් දිහා බලාගෙන ඉන්න අයට විශ්වාසයක් ඇති කරනවා, එතැනදී ඔවුනුත්  සාර්ථක වීමට සෑම උත්සහයක්ම දරනවා,  ඒ හා සමාන තමන්ට කල හැකි ක්‍රියාකාරකම් ප්‍රගුණ කිරීමට. එකට හේතුව ඔවුන්ට ඒ හැකියාව තියන නිසා.

උදාහරණයක් විදිහට ඔයා මැරතන් තරඟයක් සඳහා පුහුණු වෙන  අතරෙ , ඔයා ඔයා ගැනම සැකයෙන්, ෂුවර් නෑ වගේ ඉන්නව කියලා හිතමු. ඔයා මැරතන් තරඟයට යන්න ඉන්නේ කියලා දන්න ඔයාගේ යාළුවො  සහ පවුලේ අය, ඔයාට මැරතන් තරගය දිනන්න පුළුවන් කියන එක කියලා ඔයාට දිරිගැන්වීමක්, සහයෝගයක්  ලබා දෙනවා.  ඒ අයගේ  දිරිගැන්වීමේ වචන ඔයාට ඔබේ ස්වයං-කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගන්නට උපකාර වනවා වගේම පුහුණුව දිගටම කරගෙන යන්නත් ඔයාව පොළඹවනවා.

නිරීක්ෂණය තුලින් ඉගැනීම : Vicarious Learning:

සමහර වෙලාවට අපි අනිත්  අයගේ අත්දැකීම් දිහා බලන් ඉන්නවා, නිරීක්ෂයන කරනවා. ඒ තුලින් අපි ඉගන ගන්නවා. සමහර වෙලාවට අපිට ඒ අත්දැකීම පුද්ගලිකව  අපටම කියලා ලබා ගන්නට අවශ්‍ය වෙන්නේ නෑ.  වෙනත් කෙනෙකුගේ සාර්ථකත්වය දැකීම  හරහා අපේ  ස්වයං කාර්යක්ෂමතාව වැඩි කර ගන්නට අපට පුළුවන්.උදාහරණයක් විදිහට  වශයෙන්, පන්තියක එක හා සමානව දක්ෂ ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. එක ළමයෙක් ගණිතයට ලකුණු 80 ක් ගන්නවා, එතකොට අනිත් ළමයට හිතෙනවා අපි දෙන්නටම එක ගානට ඉගන ගන්න පුළුවන්. ඒ කියන්නේ මටත් 80 ක් ගන්න පුළුවන් කියලා.

චිත්තවේගීය සහ කායික තත්වයන්: Emotional and Physiological States:

කෙනෙකුගේ චිත්තවේගීය හා කායික තත්වයන් ද ස්වයං-කාර්යක්ෂමතාවයට බලපෑම් කරන්නට පුළුවන්.උදාහරණයකින්  මේක සරලව   පැහැදිලි කරන්නම්.  ඔයා දුකෙන්,කනස්සල්ලක්, ආතතියක් එහෙමත් නැත්නම්  තෙහෙට්ටුවක් දැනෙන වෙලාවට , ඔයාගේ  ස්වයං-කාර්යක්ෂමතාව අඩු වෙන්නට පුළුවන්. අනෙක් අතට, ඔයා ගොඩක්  සන්සුන්, විවේකයක් සහ ශාරීරිකව ශක්තියක් දැනෙන වෙලාවට , ඔයාගේ  ස්වයං-කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවතිනවා.

හුරුපුරුදු බව – Past experience

අපි යම් කාර්යයක් කලින් කරලා අත්දැකීම් තියෙනවා නම් දෙවැනි වතාවේදී කලින් අවස්ථාවට වඩා ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසාම වඩාත් සාර්ථකව එම කාර්යය අවසන් කිරීමේ ප්‍රවනතාවයක් තියෙනවා.

Share this:
error: Content is protected !!
×