HomeNewsSri Lankan News

යශෝදරාගෙන් ශ්‍රී ලංකාවට අමුතු ඉස්කෝලයක්

යශෝදරාගෙන් ශ්‍රී ලංකාවට අමුතු ඉස්කෝලයක්

යසෝදරා පථන්ජලී, එක්සත් රාජධානියේ ඉපිද, වසර 30ක් එහි රැඳී සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි ව්‍යවසායිකාවකි. ඇය එක්සත් රාජධානිය අතහැර ශ්‍රී ලංකාවට පැමිණිය අය

අවුරුදු 1 – 2 අතර පොඩ්ඩෙකුගේ සිදුවෙන වෙනස්වීම් ඉගෙන ගමු.
බැනලා දරුවෝ හදන්න පුළුවන්ද?
පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්

යසෝදරා පථන්ජලී, එක්සත් රාජධානියේ ඉපිද, වසර 30ක් එහි රැඳී සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි ව්‍යවසායිකාවකි. ඇය එක්සත් රාජධානිය අතහැර ශ්‍රී ලංකාවට පැමිණිය අයෙකි. ඇය ගුරුවරියකි, චිත්‍ර ශිල්පිනියකි, කතුවරියකි, වෘත්තීය උපදේශිකාවකි. ඇය උත්සහ දරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයෙහි වෙනසක් ඇති කරන, ‘ශ්‍රී ලංකාවේ පළමු විකල්ප පාසල’ ආරම්භ කිරීම ටයි.

ඇය BBCයට පවසන පරිදි පාසල් ගොස් ලබන විධිමත් අධ්‍යාපනයට වඩා නිවසේ දී ලබන අධ්‍යාපනය වඩාත් වැදගත් බව ඇගේ අදහස යි. යසෝදරා 2018 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ, පාසල් නොයවා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට ක්‍රියා කළා ය. ඇයට අනුව සාම්ප්‍රදායික සහ විකල්ප අධ්‍යාපන ක්‍රමවේදයන්හි පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.

යසෝදරා පථන්ජලී විසින් 2024 ජනවාරි 04 වන දා ආරම්භ කිරීමට නියමිත ICS (Independent Collective School) පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන්නේ ද ව්‍යාපෘති මත පදනම්ව බව ඇය වැඩි දුරටත් සඳහන් කළා. එම පාසල ඇය ශ්‍රී ලංකාවේ පළමු විධිමත් ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී පාසල ලෙස හඳුන්වයි.

මෙම පාසල තුළින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ දරුවන්ට විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා පමණක් නොව වෘත්තියමය නිපුනතා ඉලක්කකර ගත් ක්‍රියාකාරකම් ද සිදු කිරීම වේ. මෙහි සුවිශේෂී කාරනයක් වන්නේ, විධිමත් නිල ඇඳුමක් නියමකර නොමැති වීම වේ.

කෙසේ නමුත් ලාංකික දුවා දරුවන්ගේ ආකල්ප කුසලතා හා දැනුම වර්ධනය මෙන්ම ස්වයං අභිමානයෙන් යුත් තාර්කික බුද්ධිමත් සිසු පරපුරක් බිහි කිරීමෙහිලා මෙම පාසල් ක්‍රමය හේතුවේ යයි යශෝදරාගේ විශ්වාසයයි.

Share this:
error: Content is protected !!