HomeGeneral

ශ්‍රී ලංකාවෙන් හමුවූ මෙනින්ගොකොකල් රෝග ප්‍රභේදයේ ස්වභාවය

ශ්‍රී ලංකාවෙන් හමුවූ මෙනින්ගොකොකල් රෝග ප්‍රභේදයේ ස්වභාවය

ගාල්ල බන්ධනාගාරයේ මූලික හඳුනාගැනීමෙන් ඇති වූ මෙනින්ගොකොකල් රෝගය පිළිබඳ මෑතකාලීන තත්වය ගැන සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම රෝගයේ ප්‍රභේදය බෙහෙවින් බෝවන තත්ත්වයක් නොවන බවයි.

ශ්‍රී ලංකා ජනාධිපති අරමුදල මඟින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා මෙම වසරේ සිට 100% දක්වා ඉහළට
විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ප්‍රෙෂණය කළ විනිමය …
2023 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ලැබූ ස්ථාන …
Meningococcal Disease Photos | CDC

ඊයේ (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙනින්ගොකොකල් රෝගය අනාවරණය වූවාක් මෙන් වාර්තා වුවද.“මෙම රෝගය ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු අවස්ථාව මෙය නොවේ. වසරකට අවම වශයෙන් රෝගීන් 10 දෙනෙකු හඳුනා ගැනේ. ”ඔහු පැවසීය. එබැවින් ශ්‍රී ලංකාවේ පවතින රෝගයේ ප්‍රභේදය අධික ලෙස බෝ නොවන බැවින් ජනතාව කලබල විය යුතු නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා නැවත අවධාරණය කළේය.

Signs and Symptoms of Meningococcal Disease | CDC

මේ අතර මෙනින්ගොකොකල් රෝගය ප්‍රජාව තුළ පැතිර යාමේ විභවයක් පිළිබඳ කනස්සල්ලට හේතු වූ කරාපිටිය රෝහලේදී මාස අටක් වයසැති බිළිඳාගේ ඛේදනීය මරණය රෝගය නිසා සිදු නොවූ බවට තහවුරු වූ බව වෛද්‍ය ගුණවර්ධන පැහැදිලි කළේය. මියගිය මාස අටක් වයසැති බිළිඳා සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්‍ෂණයේදී එම බිළිඳා මිය ගොස් ඇත්තේ මෙනින්ගොකොකල් රෝගය නිසා නොවන බව තහවුරු විය. තවද මේ වන විට රෝගය වැළඳී ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුට සහ රත්මලාන ප්‍රදේශයෙන් සොයාගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් බව PCR පරීක්ෂණවලින් තහවුරු විය. “රෝගයෙන් මියගිය රැඳවියා ජාඇල ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this:
error: Content is protected !!