ජුලි 01 වනදා සිදුකෙරෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන ලංවිම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.
සෑම වසරකම ජනවාරි 1 සහ ජුලි 1 යන දෙදින වාර්ශිකව ගාස්තු සකස් කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති තීරණ සහ ගාස්තු පිරවීමේ අවශ්‍යතා අනුව ලංවිම යෝජනාව ඉදිරිපත් කර ඇත. අඩු පරිභෝජන භාවිතා කරන්නන් හට ගැලපීම් වල උපරිම ප්‍රතිලාභ ලබා දෙන අතරම 2023 සඳහා CEB සත්‍ය ජනන දත්ත, යෙදවුම් වල සැබෑ මිල, ජනන මිශ්‍රණය සහ පුරෝකථනය සැලකිල්ලට ගෙන ඇත.
දැනට නොරොච්චෝලේ 30 වැනි ගල් අඟුරු භාණ්ඩ ගොඩබෑමත් සමඟ මෙම වාරය සඳහා ලංවිමට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු අවශ්‍යතාවය සම්පූර්ණ වනු ඇත. ගල් අඟුරු හිඟය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ මාධ්‍ය වාර්තා මගින් කලින් අනුමාන කළ පරිදි හදිසි බිඳවැටීම් හෝ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත. නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ඒකකය-3 ජුනි 13 දින සිට දින 100 ක කාලයක් සඳහා වසා දැමේ. අනෙකුත් තාප බලාගාර සමඟ විදුලි කප්පාදුවකින් තොරව විදුලි ජනනය කළමනාකරණය කෙරේ.