HomeWorld News

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයෙකු PR ඉල්ලා පාගමනක…

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයෙකු PR ඉල්ලා පාගමනක…

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන නීල් පාරා විසින් සරණාගතභාවයේ සිටින සියල්ලන්ට ස්ථිර පදිංචිය ලබාදෙන්නැයි බලකරමින් පා ගමනක් ආරම්භ කර තිබෙනවා

ලංකාවේ අලුත්ම Tax Registration වැඩපිළිවෙළ.
ශ්‍රී ලංකා ඇතුළුව ඉදිරි තරඟ සංචාර සඳහා නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
නවසීලන්ත ගමන් බලපත්‍රය ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍ර අතර තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනී…

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන නීල් පාරා විසින් සරණාගතභාවයේ සිටින සියල්ලන්ට ස්ථිර පදිංචිය ලබාදෙන්නැයි බලකරමින් පා ගමනක් ආරම්භ කර තිබෙනවා.

මොහු වික්ටෝරියා හි බලරට් නගරයේ සිට සිඩ්නි නුවර පිහිටා ඇති අගමැති මැතිවරණ කාර්යාලය දක්වා මෙම පාගමන ආරම්භ කරනු ලැබුවා

මෙම පා ගමනේ දුර ප්‍රමාණය කිලෝමීටර් 1,000 කට ආසන්න වන බවටයි වාර්තාවන්නේ

ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ රටින් පළා ආ මොහු සහ පවුලේ සාමාජිකයන් ෆෙඩරල් රජය විසින් හඳුන්වා දුන් නව ස්ථිර පදිංචි ක්‍රමවේදයට අයදුම් කිරීමට නොහැකි 12,500 ක් පමණ වන පිරිසට ඇතුළත් වන බවයි පෙන්වා දෙන්නේ. තමන් ඇතුලු පිරිසට සාධාරණයක් ඉටු කරන්නැයි ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටීම ඔහුගේ අපේක්ෂාවයි

ලබන සැප්තැම්බර් 09 වනදා වනවිට සිඩ්නි නගරයේ පිහිටි ගමනාන්තයට ළගාවීමෙන් පසු අගමැතිවරයා වෙත පෙත්සමක් භාරදීමට ඔහු සූදානම් බව තවදුරටත් සඳහන්.

Share this:
error: Content is protected !!
×