HomeNewsSri Lankan News

ලංකාවේ අලුත්ම Tax Registration වැඩපිළිවෙළ.

ලංකාවේ අලුත්ම Tax Registration වැඩපිළිවෙළ.

2024 ජනවාරි 01 වෙනිදා වෙනකොට වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් Tax file එකක් open කළ යුතුයි.මුලින්ම කියන්න ඕනෙ tax file එකක් open වුනු පමණින් tax ග

නවසීලන්තයේ Auckland සත්වෝද්‍යානට කලකට පසු එන සුරතලා…
Auckland හි ඓතිහාසික ශාන්ත ජේම්ස් රඟහල ප්‍රතිසංස්කරණයට සැරසෙයි…
නවසීලන්තයේ පළමු IKEA වෙළඳසැල 2025 දී.

2024 ජනවාරි 01 වෙනිදා වෙනකොට වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් Tax file එකක් open කළ යුතුයි.

මුලින්ම කියන්න ඕනෙ tax file එකක් open වුනු පමණින් tax ගෙවන්න ඕන නෑ. ඒකට ඔබට බදු අය වන ආදායමක් (Taxable Income) තියෙන්න ඕන. අවුරුද්දට 1,200,000 ක ආදායම ඉක්මවා යන කෙනෙක්ට බදු ගෙවන්න සිද්ධ වෙනවා. ඒ අනුව සිද්ධ වෙන්නේ 18 ට වැඩි අය බදු සදහා registration එකක් මිසක් 18 ට වැඩි හැමෝම බද්දක් ගෙවන්න ඕන කියන එක නෙවෙයි.

ඒකෙදි වෙන්නේ TIN – Tax Identification Number (බදු හඳුනාගැනීමේ අංකයක්)දෙනවා විතරයි. Register උනා කියල බදු ගෙවන්න ඕන නෑ. මේකට register වෙන්න පුළුවන් online.
www.ird.gov.lk website එකෙන් කරගන්න.

Registration එක වගේම Payments, Returns submit වගේ දේවල් දැන් online කරගන්න පුළුවන්. එහෙම බැරිනම් ළඟම තියන දේශීය ආදායම් බදු කාර්යාලයට ගිහින් මේ වැඩ ටික කරගන්නත් පුළුවන්.

දැන් බලමු කාට Tax ගෙවන්න වෙන්නේ කියලා.
ලංකාවේ නේවාසිකයෙක් විදියට සලකන හැම කෙනෙක්ම, ඒ කියන්නේ ලංකාවේ දවස් 183 ට වඩා වැඩිපුර ඉන්නවනම් ඔබ නේවාසිකයෙක් විදියට තමයි සලකන්නේ.

ඊට වඩා අඩුවෙන් ඉන්නවනම් අනේවාසිකයෙක් (Non Resident) විදියට තමයි Tax වලදි සලකන්නේ.
මේක මෙතනදි පලකළේ පොඩි හේතුවක් නිසා.
ඒ තමයි, ඔබ නේවාසිකයෙක් නම්, ඔබ ලංකාවෙ උපයන ආදායම් විතරක් නෙවෙයි ඔයා වෙනත් රටවල් වලින් ආදායම් උපයන කෙනෙක් නම්,ඔයා අනිවාර්යයෙන්ම tax ගෙවිය යුතුයි.
අනේවාසිකනම් විතරයි ඔයා ලංකාවේ උපයන ආදායමට විතරක් tax ගෙවිය හැකි වෙන්නේ.

දැන් ඔබ හිතනව ඇති, මේ හොයන මුලු ආදායමටම tax ගෙවන්න ඕනද කියල
නෑ..
ඔබ අවුරුද්දකට 1,200,000ට වඩා ආදායමක් උපයනවනම් මේ ඔක්කොටම tax ගෙවිය යුතු නැහැ. මේකෙන් යම් අඩු කිරීම් කරන්න ඉඩ දෙනවා.

♦️කුලී ආදායම් වලින් යම් අඩු කිරීමක්
♦️ගෙදර solapanel එකක් තියනවනම් උපරිම 600,000ක්
♦️ලංකාවෙ අනුමත පුණ්‍ය ආයතනවලට කල පරිත්‍යාග

මීට අමතරව මේක තව අඩු කරගන්න ඔයාට පුළුවන් Tax advisors ලගෙන් සහය අරන්.

මෙහෙම අඩු කිරීම් කලාට පස්සෙ ඉතිරි වෙන මුදලෙන් 1,200,000 ක් බද්දෙත් නිදහස් වගේම

ඉතිරි,
♦️පළවෙනි 500,000 – 6%
♦️දෙවෙනි 500,000 – 12%
♦️තුන්වෙනි 500,000 – 18%
♦️හතරවෙනි 500,000 – 24%
♦️පස්වෙනි 500,000 – 30%

ඉතිරි balance එකට 36% ත්
විදියට Tax ගෙවීම් කරන්න සිද්ධ වෙනවා.

සාරාංශ කලොත් ඔබ අවුරුද්දකට ලක්ෂ 37කට වඩා වැඩිපුර ආදායමක් ගන්නව නම් ඔයාගෙ ආදායම 36 % දක්වා Tax වෙනවා.

VAT
°°°°°

VAT එක අපි හැමෝටම බලපානවනෙ. ඉතින් මේක ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඉමු. මුලින්ම මේ VAT එක තිබුනේ 8% ට. ඒක 12% , 15% ටත් වැඩි වෙලා දැන් 18% වෙලා.

ගොඩක් භාණ්ඩ වලට මේ පාර VAT ගෙවන්න වෙනවා කියල කවුරුත් දන්නවනේ. ඒ අතරින් VAT වලින් නිදහස් භාණ්ඩ කිහිපයකුත් තියෙනවා.

♦️ළමා කිරිපිටි
♦️ආබාධිත අය පාවිච්චි කරන උපකරණ
♦️රෝහල් කාමර ගාස්තු
♦️පාන් පිටි
♦️සහල් පිටි
♦️සහල්
♦️ඖෂධ

වගේ භාණ්ඩ 43ක් විතරයි මේ පාර VAT වෙන්නෙ නැත්තේ.

එතකොට සමහරු කියනවනේ 3% යි VAT වැඩි වෙන්නේ කලින් තිබුනේ 15% නිසා කියල.
නෑ.
එහෙම වෙන්නේ කලින් VAT වුනු භාණ්ඩ ටික ඒ විදියටම මේ අවුරුද්දෙත් VAT වෙන නිසා ඒ ටික විතරක් 3% කින් වැඩි වෙලා. අලුතින් VAT වුනු භාණ්ඩ ටික 0% සිට 18% තෙක්ම වැඩි වුනා. ඒ හින්දා ඒ දෙක පටලගන්න එපා.

විශේෂම කාරණය VAT registered නැති කිසිම ආයතනයකට ඔවුන්ගේ විකුණුම් මිලට VAT එක එකතු කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ.

මේ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. බදු ගෙවීම පුරවැසියන්ගේ යුතුකමක් නමුත් ඒ බදු අය කිරීම සාධාරණ බවේ මූලධර්ම වලට අනුකූල විය යුතුයි.

Share this:
error: Content is protected !!
×