HomeNewsSri Lankan News

ශ්‍රී ලංකා ඇතුළුව ඉදිරි තරඟ සංචාර සඳහා නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකා ඇතුළුව ඉදිරි තරඟ සංචාර සඳහා නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

ටොම් ලේතම් ශ්‍රී ලංකාව සහ පකිස්තානයට එරෙහිව නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

නවසීලන්තයේ Covid-19 යාවත්කාලීන කිරීම නව රෝගීන් 3764 ක්, මරණ 24 ක්
රිච්ටර් මාපක 4.6 ක භූමිකම්පාවක්, ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැත
ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ සහල් ලබාදීමේ වැඩපිළිවෙළක්

ඔහු 2021න් පසු ප්‍රථම වරට ජාත්‍යන්තර T20 තරඟාවලිය සඳහා මෙවර සහභාගීවේ. අප්‍රේල් 2 ඉරිදා ඊඩ්න් පාර්ක් හිදී ආරම්භ වන ශ්‍රී ලංකාව සමඟ තරඟ තුනකින් යුත් KFC T20 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකු නම් කර ඇති අතර 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අප්‍රේල් 9 වන දින තරඟය සඳහා සම්බන්ධවනු ඇත.

කැන්ටබරි කිංග්ස් ද්විත්වය වන චැඩ් බෝව්ස් සහ හෙන්රි ෂිප්ලි නම් සංචිත දෙකෙහිම සිටින අතර ප්‍රබල දේශීය හා ජාත්‍යන්තර දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් වෙත නැවත පැමිණෙන ක්‍රීඩකයින් ද ඇත. කෝල් මැක්කොන්චි, රචින් රවීන්ද්‍ර සහ ටිම් සයිෆර්ට් 2021 වසරෙන් පසු ප්‍රථම වරට T20 සංචිතයකට තේරී ඇත.

ටිම් සයිෆර්ට් ශ්‍රී ලංකාවට එරෙහිව දේශීය තරඟාවලිය සඳහා සංචිතයට ඇතුළත් වන නමුත් ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් සිටින බැවින් පාකිස්තානයට නොයනු ඇත. ඩේන් ක්ලීවර්, කෝල් මැක්කොන්චි සහ බ්ලෙයාර් ටික්නර් සංචිතය පකිස්ථානයට යන විට කණ්ඩායමට එක්වන නවක ක්‍රීඩකයින් වේ.

නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම මෙම සංචිතයට නම්කර නොමැති අතර ඒ ඔවුන් ලබන 31 වනදා ආරම්භවන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව සමඟ නම් කළ විස්සයි 20 සංචිතය

Tom Latham (c, wk), Chad Bowes, Mark Chapman, Matt Henry, Ben Lister, Adam Milne, Daryl Mitchell, Jimmy Neesham, Rachin Ravindra, Tim Seifert, Henry Shipley, Ish Sodhi, Will Young

පකිස්තානය සමඟ නම් කළ විස්සයි 20 සංචිතය

Tom Latham (c, wk), Chad Bowes, Mark Chapman, Dane Cleaver, Matt Henry, Ben Lister, Adam Milne, Cole McConchie, Daryl Mitchell, Jimmy Neesham, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young

ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් අප්‍රේල් 26 වැනිදා රාවල්පින්ඩි හිදී ආරම්භ වන තරඟ පහකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නැවත එක්වීමට පෙර පකිස්තානයේ පැවැත්වෙන විස්සයි 20 තරඟාවලිය අතරතුර විවේකයක් ගනු ඇත. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි 20 තරඟාවලිය සඳහා ෂේන් ජර්ගන්සන් පුහුණුකාර මණ්ඩලයට නායකත්වය දෙනු ඇත.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×