HomeNews

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන චාරිකාව දර්ශනීය ආකාරයෙන් දියත් කෙරේ..

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන චාරිකාව දර්ශනීය ආකාරයෙන් දියත් කිරීමට ඉන්දියාව සියලු කටයුතු සූදානම් කොට ඇත.

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන චාරිකාව දර්ශනීය ආකාරයෙන් දියත් කෙරේ..

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන චාරිකාව දර්ශනීය ආකාරයෙන් දියත් කිරීමට ඉන්දියාව සියලු කටයුතු සූදානම් කොට ඇත. ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය Ahme

D/L න්‍යාය අනුව නවසීලන්තය පරදා පාකිස්තානය ජයගනී
මූල්‍ය අපචාර සහ රජයේ මැදිහත්වීම් චෝදනා මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC විසින් අත්හිටුවයි
පළමු තරඟ දෙකේම ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිලට ලෝක කුසලාන සිහිනය අහිමි වෙයි

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන චාරිකාව දර්ශනීය ආකාරයෙන් දියත් කිරීමට ඉන්දියාව සියලු කටයුතු සූදානම් කොට ඇත. ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය Ahmedabad, Narendra Modi Cricket ක්‍රීඩාංගනයට විස්මිත ගොඩබෑමකට පෙර, පෘථිවියේ සිට අඩි 120,000ක් ඉහළින් ඇති වායුගෝලයට දියත් කරන ලදී. 

මෙය සාක්ෂාත් කරගනු ලැබුවේ කුසලානය ගෝලාකාර බැලූනයකට සවි කිරීමෙන් පසුව වන අතර 4k කැමරාවලින් පෘථිවි වායුගෝලයේ දැක්වෙන කුසලානයේ විශ්මය ජනක ඡායාරූප කිහිපයක් ලබා ගන්නා ලදී. 

2023 කුසලාන චාරිකාව ලොව පුරා විවිධ රටවල සහ නගරවල කුසලානය බලාගැනීමට රසිකයින්ට අවස්ථාවක් ලබා දෙන විශාලතම සංචාරය වනු ඇත. ජූනි 27 වැනිදා ආරම්භ වන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය,

Kuwait, Bahrain, Malaysia, Nigeria, Uganda, France, Italy, United States of America සහ India, ඇතුළු ලොව පුරා රටවල් 18 ක සංචාරය කිරීමට නියමිතය. 

2019 න් පසු පළමු සම්පූර්ණ කුසලාන චාරිකාව සංවිධානය වන්නේ මෙම අවස්ථාවේදී ය. එමෙන්ම මෙම කුසලානය ලොව පුරා රාජ්‍ය නයකයින් රැසක් අතරට යාමට නියමිතයි. තව ද ප්‍රජා මුල ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් වලට සහය දක්වයි.

ක්‍රිකට් ක්‍රීඩාවට බිලියනයකට වඩා රසිකයින් සිටින අතර ක්‍රීඩාවේ විශිෂ්ටතම සුප්‍රසිද්ධ කුසලානය වෙත ළඟා වීමට හැකි තරම් මිනිසුන්ට අවස්ථාව ලබා දීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

BCCI ලේකම් Jay Shah තවදුරටත් පැවසුවේ ලොව හොඳම කණ්ඩායම් 10 ක් සඳහා ක්‍රිකට් සත්කාරකත්වය ලබා දීමට ඔවුන් සූදානම් වන විට රට පුරා උද්‍යෝගයක් ගොඩනැගෙමින් පවතින බවයි. 

කුසලාන සංචාරය ජුනි 27 වන දින ඉන්දියාවේ දී ආරම්භ වන අතර, ලොව වටා සංචාරය කර සැප්තැම්බර් 4 වන දින සත්කාරක රට වෙත ආපසු යාමට නියමිත ය. 

කුසලාන සංචාරයේ සම්පූර්ණ කාලසටහන: 

ජුනි 27 – ජූලි 14: India

ජූලි 15 – 16: New Zealand

17 – 18 ජූලි: Australia

ජූලි 19 – 21: Papua New Guinea

ජූලි 22 – 24: India

ජූලි 25 – 27: United States of America

28 – 30 ජූලි: West Indies

31 ජූලි – 4 අගෝස්තු: Pakistan

අගෝස්තු 5 – 6: Sri lanka

අගෝස්තු 7 – 9: Bangladesh

අගෝස්තු 10 – 11: Kuwait

අගෝස්තු 12 – 13: Bahrain

අගෝස්තු 14 – 15: India

අගෝස්තු 16 – 18: Italy

අගෝස්තු 19 – 20: France

අගෝස්තු 21 – 24: England

අගෝස්තු 25 – 26: Malaysia

අගෝස්තු 27 – 28: Uganda

අගෝස්තු 29 – 30: Nigeria

අගෝස්තු 31 – සැප්තැම්බර් 3: South Africa

සැප්තැම්බර් 4 සිට: India

Share this:
error: Content is protected !!