HomeGeneral

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 10,000 ඉක්මවයි. සමස්ථ රෝගීන් 45,000 දක්වා ඉහලට

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 10,000 ඉක්මවයි. සමස්ථ රෝගීන් 45,000 දක්වා ඉහලට

2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 10,000 ඉක්මවා ඇත.

නව ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා චීන සහය…
මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට තීරණයක්
ශ්‍රී ලංකාවේ ඇතැම් වෘත්තිකයින්ට අද සිට බදු සඳහා ලියාපදිංචිය අනිවාර්යය කෙරේ

වසංගත රෝග විද්‍යා අංශයට අනුව 2023 වසරේ ජුනි 18 වැනිදා වන විට රෝගීන් 45,606ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව 10,111ක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. තවද බස්නාහිර පළාතෙන් රෝගීන් 22,800 ක් වාර්තා වී ඇති අතර එය පළාත් අනුව වැඩිම රෝගීන් වේ. වසංගත රෝග විද්‍යා අංශය මගින් ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් MOH ප්‍රදේශ 67ක් හඳුනාගෙන ඇත. ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 6,202 ක් වාර්තා වී ඇත. මේ අතර 2023 ජනවාරි සිට මේ දක්වා මරණ 27 ක් වාර්තා වී ඇත. මෙම සන්දර්භය තුළ සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු මර්ධනය කිරීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි.

Share this:
error: Content is protected !!
×