HomeGeneral

ශ්‍රී ලංකාවේ ඇතැම් වෘත්තිකයින්ට අද සිට බදු සඳහා ලියාපදිංචිය අනිවාර්යය කෙරේ

ශ්‍රී ලංකාවේ ඇතැම් වෘත්තිකයින්ට අද සිට බදු සඳහා ලියාපදිංචිය අනිවාර්යය කෙරේ

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් වෘත්තිකයන් අද (ජුනි 01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බියගම නිදහස් වෙළඳ කලාපය මෙන් මුලු ශ්‍රී ලංකාවම කර්මාන්තපුරයක් බවට පරිවර්තනයක්…
කොළඹ වරාය සංවර්ධනය සඳහා ඇමරිකාවෙන් ආයෝජනයක්
ශ්‍රී ලංකාව, IMF 3වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්‍යය පිරිස පහත පරිදි වේ.

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි වෛද්‍යවරුන්
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
  • ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
  • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
  • වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
  • ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකයින්
  • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ ආයතනයේ සාමාජිකයින්
  • ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තම ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි (ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ අත් ට්‍රැක්ටර් හැර) වාහන සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්
  • 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ අත්පත් කරගත් පුද්ගලයින්
  • ඕනෑම අර්ථසාධක අරමුදලකට සේවකයා සහ සේවායෝජකයා යන දෙපාර්ශවයේම මාසික දායකත්වය රු. 20,000 ට වඩා වැඩි නම්
  • පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගන්නා ඕනෑම පුද්ගලයෙකු
  • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 ක් හෝ වාර්ෂිකව රු.1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
Share this:
error: Content is protected !!
×