HomeNews

ග්‍රීසියේ නාවික යාත්‍රාවක් ගිලීයාමෙන් 79ක් ජීවිතක්ෂයට පත්වේ.

ග්‍රීසියේ නාවික යාත්‍රාවක් ගිලීයාමෙන් 79ක් ජීවිතක්ෂයට පත්වේ.

ග්‍රීසියේ නාවික යාත්‍රාවක් ගිලීයාමෙන් 79ක් ජීවිතක්ෂයට පත්වේ.

යුරෝපයට පැමිණීමට උත්සාහ කළ සංක්‍රමණිකයන්ගෙන් පිරී ඉතිරී ගිය ධීවර යාත්‍රාවක්,ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් පෙරළී යාමෙන් අවම වශයෙන් 79 දෙනකු මියගොස් තවත

නවසීලන්ත යොජිත නව විශ්‍රාම වයස ක්‍රියත්මක වෙවිද?
ශ්‍රී ලංකාවේ online visa system එක නැවතත්…
ජල ආරක්ෂාව: නවසීලන්තයේ අවදානම් සහිත මාසය ඇරඹේ

යුරෝපයට පැමිණීමට උත්සාහ කළ සංක්‍රමණිකයන්ගෙන් පිරී ඉතිරී ගිය ධීවර යාත්‍රාවක්,

ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් පෙරළී යාමෙන් අවම වශයෙන් 79 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටිති.

වෙරළාරක්ෂක, නාවික සහ වෙළඳ යාත්‍රා සහ ගුවන් යානා විශාල සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

මගීන් කී දෙනෙක් අතුරුදහන් වී ඇත්ද යන්න පැහැදිලි නැත, නමුත් සමහර මූලික වාර්තා යෝජනා කළේ බෝට්ටුව වෙරළෙන් බොහෝ දුරට යන විට මිනිසුන් සිය ගණනක් එහි සිට ඇති බවයි.

මේ හේතුවෙන් ග්‍රීසියේ භාරකාර අගමැති Ioannis Sarmas දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් රන ලදී.

වෙරළාරක්ෂක ප්‍රකාශක Nikos Alexiou පැවසුවේ මීටර් 25ත් 30ත් අතර ප්‍රමාණයේ යාත්‍රාව පෙරළී ගියේ මිනිසුන් හදිසියේම එක පැත්තකට යාමෙන් පසුව බව ඔහු පැවසීය.

බෝට්ටුවට සහය වීමට තමන්ගේම නැව් සහ වෙළඳ යාත්‍රා දැරූ උත්සාහයන් නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන ලද බවත්, නැවේ සිටි මිනිසුන් තමන්ට දිගටම ඉතාලියට යාමට අවශ්‍ය බව අවධාරනය කළ බවත්ය වෙරළාරක්ෂක නිලධාරීන් පැවසුවේ ය.  

මෙම ස්ථානය මධ්‍යධරණී මුහුදේ ගැඹුරුම කොටස වේ.

ග්‍රීක වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වන විට මළ සිරුරු 79 ක් සොයාගෙන ඇති බවයි.

දිවි ගලවා ගත් අය අතර ඊජිප්තුවෙන් පුද්ගලයින් 30 ක්,

පකිස්ථානයෙන් 10 ක්, සිරියාවෙන් 35 ක් සහ පලස්තීන ජාතිකයන් 2කු සිටින බව පවසයි.

ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටුව නැගෙනහිර ලිබියාවේ ටොබ්‍රුක් ප්‍රදේශයෙන් පිටව ගොස් ඇතැයි විශ්වාස කෙරේ.

Share this:
error: Content is protected !!
×