HomeNews

Twitter වලට එරෙහිව සංගීත ප්‍රකාශකයන් විසින් ඩොලර් මිලියන 250 කට නඩු පවරයි

Twitter වලට එරෙහිව සංගීත ප්‍රකාශකයන් විසින් ඩොලර් මිලියන 250 කට නඩු පවරයි

එක්සත් ජනපදයේ සංගීත ප්‍රකාශකයින් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් Twitter වෙත නඩු පවරා ඇත. එයට හේතුව වන්නේ ගීත 1,700 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් ප්‍රකාශන

Twitter වඩාත් නිවැරදි, යාවත්කාලීන තොරතුරු මූලාශ්‍රය වනු ඇති බව නව ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසයි.
Twitter, Meta හි නව යෙදුම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කරයි.
Twitter වෙත මිත්‍රශීලී ප්‍රතිවාදියෙකු ලෙස Threads එළිදකී

එක්සත් ජනපදයේ සංගීත ප්‍රකාශකයින් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් Twitter වෙත නඩු පවරා ඇත. එයට හේතුව වන්නේ ගීත 1,700 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් බව පවසමින්ය.

ජාතික සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (NMPA-National Music Publishers’ Association) $250m (£197.7m) ට වැඩි වන්දියක් ඉල්ලා සිටී.

Nashville හි ෆෙඩරල් දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද නඩුවක දී,

එමෙන්ම NMPA විසින් Twitter ලාභය සඳහා “නීති උල්ලංඝන කිරීමට අවසර සහ දිරිගන්වන” බව කියා සිටියේය.

Elon Musk සමාගම මිලදී ගැනීමෙන් පසු තත්ත්වය යහපත් වී නොමැති බව එහි සඳහන් වේ. NMPA චෝදනා කළේ, Twitter අවශ්‍ය බලපත්‍ර ගාස්තු නොගෙවා බලපත්‍ර රහිත සංගීතය ලබා ගන්නා බවයි.

තවද සංගීත බලපත්‍ර සඳහා ගෙවන TikTok, Facebook, Instagram, YouTube සහ Snapchat ඇතුළු තරඟකරුවන්ට වඩා,

Twitter දරුණු ලෙස උල්ලංඝනය කිරීම් කරන බව සඳහන්.

Twitter සිය සේවාවේ මිලියන ගණනක ගීත සඳහා බලපත්‍ර ලබා දීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම එසේ කරන ලද විශාලතම සමාජ මාධ්‍ය වේදිකාව ලෙස තනිව සිටින බව NMPA සභාපති David Israelite කියා සිටියේය.

මෙම මස මුලදී, මාධ්‍ය දැවැන්තයෙකු වන NBCUniversal හි ප්‍රචාරණ අංශයේ හිටපු ප්‍රධානී Linda Yaccarino, Twitter හී ප්‍රධානියා විය.

Share this:
error: Content is protected !!