Asian Scientist සඟරාව ඔවුන්ගේ 2023 සංස්කරණයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් වන Chathuranga Ranasinghe, Ashani Savinda Ranathunga, Asha DeVos, Rohan Pethiy
Asian Scientist සඟරාව ඔවුන්ගේ 2023 සංස්කරණයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් වන Chathuranga Ranasinghe, Ashani Savinda Ranathunga, Asha DeVos, Rohan Pethiyagoda සහ Chandana Jayaratne ආසියාවේ හොඳම විද්‍යාඥයන් 100 අතරට ලැයිස්තුගත කර ඇත.
Dr. Chathuranga Ranasinghe 2022 වසරේ 7 වැනි Sheikh Fahad Hiroshima-Asia Sports Medicine and Science Award සම්මානයෙන් පිදුම් ලැබීය.
Dr.Ashani Savinda Ranathunga කාර්මික හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම වෙනුවෙන් 2022 OWSD-Elsevier පදනමේ සම්මානයෙන් පිදුම් ලැබීය.
Dr. Asha DeVos සමුද්‍ර ජීව විද්‍යාඥවරියක්, අධ්‍යාපනඥයෙක් සහ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකි.
ක්ෂේත්රයේ ඇයගේ දායකත්වය සහ ශ්‍රී ලංකාවේ තරුණ විද්‍යාඥයින්ට උපදේශනය වෙනුවෙන්,
DeVos හට ක්ෂේත්‍ර ජීව විද්‍යාව පිළිබඳ Maxwell-Hanrahan සම්මානය,
VanithaBhimana Lifetime Achievement Award සහ Global Teacher Prize ඇතුළු සම්මාන රාශියක් ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන සංවිධානය වන Oceanswell ආරම්භ කළේය.
Dr. Rohan Pethiyagoda සත්ව විද්‍යාවෙන් 2022 Linnean පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය.
ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්ව සංරක්ෂණය පිළිබඳ ඔහුගේ නිරන්තර පර්යේෂණ, ලේඛන සහ උපදේශනය සඳහා ඔහු පිළිගැනීමට ලක්විය.
Prof. Chandana Jayaratne ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ අඛණ්ඩ වෘත්තීය විශිෂ්ඨත්වය වෙනුවෙන් 2022 National Apex Award පිරිනමන ලදී.
2016 වසරේ සිට සෑම වසරකම Asian Scientist සඟරාව ආසියාවේ විශිෂ්ටතම පර්යේෂකයන්ගේ ලැයිස්තුවක් සම්පාදනය කරයි.