HomeNewsSri Lankan News

2024 Mrs World දෙවන තැන ලංකාවට

2024 Mrs World දෙවන තැන ලංකාවට

2024 Mrs World හෙවත් ලෝක විවාහක රූ රැජිණ ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වෙයි. මෙරට ව

Krystyna Pyszková ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳයි
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති හේලානි සැමෝවාවට කීර්තියක් අත්කර දෙයි.
Spa Ceylon, 2023 World Luxury Spa Awards හිදී හොඳම රූපලාවන්‍ය නිෂ්පාදනය සඳහා වන සම්මාන තුනක් දිනා ගනී.

2024 Mrs World හෙවත් ලෝක විවාහක රූ රැජිණ ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වෙයි. මෙරට වෙලාවෙන් අද (31) අලුයම අමෙරිකාවේ Las Vegas හී දී තරඟය පැවැත්වුණි.

මෙවර මෙම තරගය පවත්වනු ලැබුවේ 40වැනි වතාවට ය. එහිදී පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවූ අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂානි අමන්දාට හිමිවිය.

එමෙන්ම Mrs New Zealand වන ශ්‍රී ලාංකික සහ නවසීලන්ත ද්විත්ව පුරවැසි Nishi Ranathunaga ද Mrs World නියෝජනය කළ අතර ඇය මීට ප්‍රථම Mrs. Woman of the Universe New Zealand 2022 සහ Mrs. Universe New Zealand 2022 දෙවන අනුශූරිය වැනි කීර්ති නාමයන් දිනා ගත්තාය.


වසර 37කට පසු නවසීලන්තය “මිසිස් වර්ල්ඩ්” හිදී “Most Exotic” සම්මානය දිනා ගනිමින් ඉතිහාසය නිර්මාණය කළාය 🌎 මිසිස් වර්ල්ඩ් හිදී, “Most Exotic” යන්නෙන් අදහස් කරන්නේ දුර්ලභ හා අසාමාන්‍ය ලෙස කැපී පෙනෙන අද්විතීය අලංකාරය, සංස්කෘතිය සහ අලංකාරය මූර්තිමත් කරන තරඟකරුට ලබා දෙන විශේෂ මාතෘකා සම්මානයයි. මෙය පදනම් වී ඇත්තේ: – සාම්ප්‍රදායික හෝ සංස්කෘතික නියෝජනය – සුවිශේෂී සුන්දරත්වය – චමත්කාරය සහ පැවැත්ම .

Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක ගුරුවරුන් ලෙස කටයුතු කළේය.

මේ අවස්ථාවට 1984 Mrs World තරඟාවලිය නියෝජනය කර කිරුළු පැළඳි රෝසි සේනානායක මහත්මිය ද එක් විය.

Share this:
error: Content is protected !!
×