HomeNews

හැරී කුමරු, Mirror පුවත්පත් ආයතනයට එරෙහිව අධිකරණයට.

හැරී කුමරු, Mirror පුවත්පත් ආයතනයට එරෙහිව අධිකරණයට.

හැරී කුමරු, Mirror පුවත්පත් ආයතනයට එරෙහිව අධිකරණයට.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සන්දිධීන් සම්බන්ධ ජනමාධ්‍ය වාර්තා පිළිබඳව Harry කුමරුට කලක් තිස්සේ තිබූ ගැටළු හේතුවෙන් ඔහු ටැබ්ලොයිඩ් ප්‍රකාශකයන් කිහිපදෙනෙකුට එ

මහා බ්‍රිතාන්‍යයේ රජ දැක්මට අවසරයි.
Spellbinder පෝල්ගේ නැගණිය ලෙස රඟපෑ Christine ලංකාවේ නිවාඩුවකට ඇවිත්
ජැක්සන් ඇන්තනී ඔබට සුබ ගමන්!

බ්‍රිතාන්‍ය රජ පවුලේ සන්දිධීන් සම්බන්ධ ජනමාධ්‍ය වාර්තා පිළිබඳව Harry කුමරුට කලක් තිස්සේ තිබූ ගැටළු හේතුවෙන් ඔහු ටැබ්ලොයිඩ් ප්‍රකාශකයන් කිහිපදෙනෙකුට එරෙහිව නීති ක්‍රියා මාර්ග ගෙන ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය රාජකීයයෙකු අධිකරණයක සාක්ෂි දෙමින් සිටීම දුර්ලභ දසුනක් විය.

එමෙන්ම 38 හැවිරිදි Harry, 1996 සිට 2011 දක්වා කාලය තුළ ප්‍රකාශයට පත් කරන ලද ලිපි 33ක් සම්බන්ධයෙන් Daily Mirror පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව නඩු පවරන ලදි. ඔහු පවසන්නේ තම පවුලේ අයගේ හෝ ආදරණීයයන්ගේ දුරකථන අනවසරයෙන් Tapp කිරීම හෝ වෙනත් නීති විරෝධී සෝදිසි කිරීමේ ක්‍රම මත මේ ලිපි පදනම් වූ බවයි.

එමෙන්ම 1997 දී රිය අනතුරකින් මිය ගිය ඔහුගේ මව වූ ඩයනා කුමරියගේ පෞද්ගලික සංවාද Mirror Group විසින් Hack කර ඇති බව දැනගැනීමෙන් තමා කලබල වූ බව ඔහු අධිකරණයට පැවසීය.

තවද Piers Morgan සහ ඔහුගේ මාධ්‍යවේදීන් කණ්ඩායම තම මවගේ පෞද්ගලික සහ සංවේදී පණිවිඩවලට සවන් දීම කෙතරම් නීච සිතුවිල්ලක් යන වග දිගින් දිගටම Harry කියා සිටියේය.

Harryගේ මෙම චෝදනා Mirror Group නීතීඥ Andrew Green ප්‍රතික්ෂේප කරන අතර Harryගේ දුරකථන Tapp කළ බවට කිසිඳු  සාක්ෂියක් නොමැති බවට ප්‍රකාශ කරන ලදි.

Harry කුමරු වෙනුවෙන් පෙනී සිටින්නේ නීතීඥ  David Sherborne වේ.

 
Share this:
error: Content is protected !!