National Institute of Water & Atmospheric Research (NIWA) ට අනුව නවසීලන්තයේ වාර්තා වූ උණුසුම්ම මැයි මාසය පසුගිය මාසයයි.1909 සිට උණුසුම්ම මැයි
National Institute of Water & Atmospheric Research (NIWA) ට අනුව නවසීලන්තයේ වාර්තා වූ උණුසුම්ම මැයි මාසය පසුගිය මාසයයි.
1909 සිට උණුසුම්ම මැයි මාස 5ම 2011 සිට සිදුවී ඇත. පසුගිය මාසයේ රටපුරා සාමාන්‍ය උෂ්ණත්වය 1991-2020 මැයි සාමාන්‍යයට වඩා 13.1C – 2.0C විය.
තවද ඉහළම උෂ්ණත්වය මැයි 3 වන දින Waiau හි දක්නට ලැබුණු අතර එහිදී උෂ්ණත්වය 27C දක්වා විය.
අඩුම උෂ්ණත්වය මැයි 16 වන දින Middlemarch හි දක්නට ලැබුණු අතර එහිදී උෂ්ණත්වය -5.2C දක්වා විය.
NIWA හි මැයි දේශගුණ සාරාංශයට අනුව 2023 මැයි මාසයේ පළමු දින අට දැඩි ලෙස උණුසුම් විය.
ගොඩබිමේ සහ මුහුදේ මැයි මාසයේ දැඩි උණුසුමේ පුළුල්ව පැතිරුනු ස්වභාවය, දේශගුණික විපර්යාස නිසා උග්‍ර වී ඇතැයි NIWA පැවසීය.
මේ අතර සාමාන්‍ය අගයට වඩා Northland, Auckland, Waikato, Bay of Plenty, Taranaki යන ප්‍රදේශවල වර්ෂාපතනය දක්නට ලැබුණි.
එමෙන්ම Manawatū-Whanganui, Wellington, Tasman, Nelson, Northern Marlborough, West Coast, Inland Otago සහ Western Southland හි කොටස් ද ඒ අතර වේ.
තවද සාමාන්‍යයට සාපේක්ෂව තෙත්ම ස්ථාන වූයේ Kaikohe, Rotorua සහ Motueka වේ.
මේ අතර, වර්ෂාපතනය සාමාන්‍ය අඩු මට්ටමක් Gisborne, Hawke’s Bay, Canterbury සහ Northern Otago හි වාර්තා විය.
කෙසේ නමුත් Oamaru විශේෂයෙන් වියලි වූ අතර එහිදී මිලිමීටර් 24 ක වර්ෂාපතනයක් වාර්තා විය.