අග්නිදිග ආසියාව පුරා උෂ්ණත්ව වාර්තා බිඳමින් සති ගනනාවක් පුරා පවතින මිලියන ගණනකට පීඩාවක් ගෙන දුන් දැඩි උෂ්ණත්ව කාලගුණික තත්වය හේතුවෙන් එම රටවල ජ
අග්නිදිග ආසියාව පුරා උෂ්ණත්ව වාර්තා බිඳමින් සති ගනනාවක් පුරා පවතින මිලියන ගණනකට පීඩාවක් ගෙන දුන් දැඩි උෂ්ණත්ව කාලගුණික තත්වය හේතුවෙන් එම රටවල ජනතාව මහත් පීඩාවට පත්ව ඇත.
Vietnam, Laos සහ Thailand හී අගනුවර ඉහළ උෂ්ණ මට්ටම් වාර්තා කර ඇති අතර, පරිසර දූෂණ මට්ටම් ඉහළ යාම මෙයට හේතු වී ඇත. මිනිසා විසින් ඇති කරන දේශගුණික අර්බුදයේ බලපෑම වේගවත් වන විට තාප තරංග වඩාත් නරක අතට හැරෙන බවට විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා තිබිණ. වියට්නාමයේ, කාලගුණ ඉතිහාසඥ Maximiliano Herrera පවසන පරිදි, Tuong Duong හි උතුරු දිස්ත්‍රික්කයේ සෙනසුරාදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.2 (Fahrenheit 111.6 ක් පමණ) කරා ළඟා වුණු බවයි.
ලාඕසයේ, Luang Prabang නගරය සෙනසුරාදා සෙල්සියස් අංශක 43.5 (Fahrenheit 110.3) වාර්තා කළ අතර එය පසුගිය මාසයේ පමණක් පිහිටුවන ලද සෙල්සියස් අංශක 42.7 (Fahrenheit108.9) ජාතික වාර්තාව බිඳ දමා ඇත. Laos අගනුවර වන වියෙන්ටියාන් ද මෙම සති අන්තයේ සෙල්සියස් අංශක 42.5 (Fahrenheit 108.5) උෂ්ණත්වයකින් සිය සර්වකාලීන වාර්තාව බිඳ දැමීය. මේ අතර සෙනසුරාදා, Thailand, Bangkokහි වාර්තා වූ උෂ්ණත්වය – සෙල්සියස් අංශක 41 (Fahrenheit 105.8) ලෙස වාර්තා විය. වාර්ෂික මෝසම් වැසි යම් සහනයක් දෙන තෙක් උෂ්ණත්වය ඉහළ යන බැවින් අප්‍රේල් සහ මැයි සාමාන්‍යයෙන් දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වසරේ දැඩි උෂ්ණත්ව කාලගුණික තත්වයක් සහිත මාස බව කාළගුණ විද්‍යාඥයන්ගේ මතයයි.