HomeNews

ඉන්දියාවේ Bihar ප්‍රාන්තයේ ඉදිවෙමින් පවතින පාලමක් දෙවන වරටත් කඩා වැටී තිබෙනවා

Bihar ප්‍රාන්තයේ ගංගා නදිය හරහා ඉදිකෙරෙමින් පවතින මංතීරු හතරක කොන්ක්‍රීට් පාලමක් වසරකට වැඩි කාලයක් තුළ දෙවන වරටත් කඩා වැටී ඇත.

ඉන්දියාවේ Bihar ප්‍රාන්තයේ ඉදිවෙමින් පවතින පාලමක් දෙවන වරටත් කඩා වැටී තිබෙනවා

නැගෙනහිර ඉන්දියාවේ Bihar ප්‍රාන්තයේ ගංගා නදිය හරහා ඉදිකෙරෙමින් පවතින මංතීරු හතරක කොන්ක්‍රීට් පාලමක් වසරකට වැඩි කාලයක් තුළ දෙවන වරටත් කඩා වැටී ඇත.

උතුරු ඉන්දියාවේ අධික උණුසුම් තත්වයක්.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟය ජූනි 07 වන දා Oval හී දී.
ඉන්දියාවේ ව්‍යාප්ත වන “නිපා” වෛරසය ගැන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ අවධානයෙන්.

නැගෙනහිර ඉන්දියාවේ Bihar ප්‍රාන්තයේ ගංගා නදිය හරහා ඉදිකෙරෙමින් පවතින මංතීරු හතරක කොන්ක්‍රීට් පාලමක් වසරකට වැඩි කාලයක් තුළ දෙවන වරටත් කඩා වැටී ඇත.

මේ හේතුවෙන් එහි ඉදිකිරීම්වල ගුණාත්මකභාවය පිළිබඳව නැවත ගැටළු මතුවී ඇත. Sultanganj පාලම 2017 හි ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසු දෙවරක් කඩා වැටී ඇත.

එමෙන්මඉරිදා එය කඩා වැටීමට පෙර, ගිය වසරේ අප්‍රේල් මාසයේදී පළමු වතාවට එය කඩා වැටී ඇත.

පසුගිය වසරේ පාලම කඩා වැටුණේ ඇයිද? යන්න හෝ එම ගැටළු නිවැරදි කර තිබේද? යන්න පැහැදිලි නැත.

සඳුදා Bihar ප්‍රධාන අමාත්‍ය  Nitish Kumar පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමන් නියෝග කළ බව ය.

සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින්, පාලම සැලසුම් කළ කැනේඩියානු ඉංජිනේරු සමාගම වන McElhanney, පාලමේ කොටසක් බිඳවැටීම ගැන දැන සිටි අතර සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමුකරන බව දන්වන ලදි.

තවද සමාගම ඕනෑම පරීක්ෂණයක් සඳහා  සහයෝගය ලබාදෙන බව සඳහන් කළේය.

Share this:
error: Content is protected !!