HomeHealth

ඉන්දියාවේ ව්‍යාප්ත වන “නිපා” වෛරසය ගැන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ අවධානයෙන්.

ඉන්දියාවේ ව්‍යාප්ත වන “නිපා” වෛරසය ගැන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ අවධානයෙන්.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරයන මාරාන්තික නිපා වෛරසයෙන් මේ වනවිට දෙදෙනෙකු මිය ගොස් තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධ

ඉන්දියාවට අලුත් පාර්ලිමේන්තුවක්.
ඉන්දියාව භාරත් වේවිද?
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දරුණු නායයෑම් තත්වයක්.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරයන මාරාන්තික නිපා වෛරසයෙන් මේ වනවිට දෙදෙනෙකු මිය ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති නිසා ජනතාවට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසය.

2018 වසරෙන් පසු කේරළයෙන් වාර්තා වන සිව්වන නිපා වසංගත රැල්ල මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතී.

පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී කේරළයෙන් රෝගීන් 6 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.

එම මරණ වාර්තා වන්නේ කොචිකොඩේ කලාපයෙනි.

මේ අනුව අවදානම් කලාපවල පාසල් හා කාර්යාල වසා දමා මහපරිමාණ රෝග පරීක්ෂා කිරීම් සිදුවෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ගණන 1,080කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය ආසාදනය වන්නේ, ඌරන්, වවුලන් වැනි සත්වයින්ගෙනි.

එම සංවිධානයට අනුව එහි මරණ අනුපාතය සියයට 40 ත් 75 ක් වුවත් වෛරසය පාලනයට මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැත.

මෙය වෛරසය වැළදී සිටින පුද්ගලයෙකුගේ සිට තවත් අයෙකු වෙත ආසාදනය වීමේ හැකියාව ද පවතී.

එසේ නම් වෛරස් ආසාදිතයින්ගේ ලක්ෂණ මොනවා ද?

පළමු දින දෙක තුනේ උණ, ඇඟපත රුදාව, හිසේ කැක්කුම ඇතිවිය හැකිය. නමුත් 10%කට මුල් කාලයේදී රෝග ලක්ෂණ මතු නොවිය පැවැතිය හැකිය. ඉන් පසුව ඔවුන් අසාද්‍ය තත්ත්වයට පත්විය හැකිය. 

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක,

දින 23කින් ඒ අයට ෆිට් එක වගේ ඉන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන්.” 

මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේ සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමේ ගැටලුවක් පවතින්නේද ? යන්න ය.

ඊට පිළිතුරු දුන් වෛද්‍යවරුන් සඳහන් කළේ, මොන කෑම කෑවත් අපි උයලනේ කන්නේ. ඕන වෛරස් එකක් විනාශ වෙනවා කෑම හොඳට උයලා සකස් කළොත්.” 

කෙසේවෙතත් වෛද්‍යවරුන් පවසන්නේ, මාරාන්තික නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බවය.

Share this:
error: Content is protected !!