අත්අඩංගුවේ සිටියදී සැප්තැම්බර් මාසයේදී මියගිය Mahsa Aminiගේ මරණය පිළිබඳ අනාවරණය කල ඉරාන මාධ්‍යවේදිනියන් දෙදෙනෙකුට නඩු පවරා තිබේ.එනම් ඇමරිකා එක්ස
අත්අඩංගුවේ සිටියදී සැප්තැම්බර් මාසයේදී මියගිය Mahsa Aminiගේ මරණය පිළිබඳ අනාවරණය කල ඉරාන මාධ්‍යවේදිනියන් දෙදෙනෙකුට නඩු පවරා තිබේ.
එනම් ඇමරිකා එක්සත් ජනපදය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සහ සංස්ථාපිතයට එරෙහිව ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් Niloufar Hamedi සහ Elaheh Mohammadi එරෙහිව චෝදනා එල්ල කර ඇත.
කෙසේ නමුත් මාධ්‍යවේදිනියන් දෙදෙනා ඔවුන්ට එරෙහි චෝදනා ප්‍රතික්ශේප කරන අතර ඔවුන් සිදු කළේ තම රාජකාරිය පමණක් බව අවධාරණය කරයි.
එමෙන්ම අමිනීගේ මරණයෙන් පසුව රට පුරා පැතිර ගිය රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් අවම වශයෙන් මාධ්‍යවේදීන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හමීඩි මහත්මිය සහ මොහොමඩි මහත්මිය ඇතුළු 17 දෙනෙකු තවමත් සිරගතව සිටියි.
සිය හිජාබය නිසි ලෙස පැළඳ නොසිටීම සම්බන්ධයෙන් සදාචාර පොලීසිය විසින් රඳවා තබා ගැනීමෙන් දින 03 කට පසුව Amini ටෙහෙරාන් හි පිහිටි රෝහලේදී සැප්තැම්බර් 16 වනදා මිය ගියාය.
තව ද අත්අඩංගුවේ සිටියදී Aminiට පහර දුන් බව සාක්ෂිකරුවන් පැවසූ නමුත් බලධාරීන් ඇගේ මරණය “හදිසි හෘදයාබාධයක්” නිසා සිදුවූවක් බවට පවසා තිබේ.
Sharq පුවත්පතේ මාධ්‍යවේදිනියක වන 30 හැවිරිදි හමේඩි මහත්මිය අමිනීගේ පියා සහ මිත්තණිය වැළඳ ගන්නා අයුරු ඡායාරූප ගත කළාය.
Hammihan පුවත්පතේ වාර්තාකාරිනියක වන 35 හැවිරිදි Mohammadi මහත්මිය, අමිනීගේ උපන් ගම වන Saqqez හි අවමංගල්‍ය කටයුතු පිළිබඳ පුවතක් පළ කළාය.
ආරක්ෂක අංශ විසින් Hamedi මහත්මිය සැප්තැම්බර් 22 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.
ඊට සතියකට පසු Mohammadi මහත්මිය රඳවා තබා ගන්නා ලදී.