වයිකාටෝ ප්‍රාදේශීල කවුන්සිලය එහි පළමු ත්‍රිමාන ගුවන් සිතියම් නිකුත් කර ඇත.
එහි තාක්ෂණික ව්‍යාපෘති ප්‍රධානී ක්ලෙමන්ට් පැවසුවේ කොරොමැන්ඩල් ප්‍රදේශයේ ගංවතුර හානි අවම කර ගැනීමට මෙම දත්ත යොදා ගන්නා බවයි. මේ වන විට මෙම දත්ත භාවිතා කරමින් නායයෑම් සිදු වන ස්ථාන හා කඳු බෑවුම් සහිත ස්ථානවල ඝනත්වය සොයා ගෙන ඇත. එමෙන්ම මහාමාර්ග 25 ක් පමණ අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිමාණ සිතියම් උපකාරී වී ඇත.මෙම සිතියම් මඟින් පාංශු ඛාදනයට ගොදුරු විය හැකි ගොවීන්ට නොමිලේ තොරතුරු සැපයීමට හැකි බව ඔහු වැඩි දුරටත් පැවසීය.