HomeSports

ශ්‍රී ලංකා රග්බි, ලෝක රග්බි සම්මේලනයෙන් ඉවතට.

ලෝක රග්බි සම්මේලනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි වල සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා රග්බි, ලෝක රග්බි සම්මේලනයෙන් ඉවතට.

ලෝක රග්බි සම්මේලනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි වල සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ඒ රග්බි වලට ඇති දේශපාලන අතපෙවීම් සහ රග්බි අතුරු න

කිවි ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් වලින් පිරුණු ගිම්හානයක්
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ICC ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමට නම් කරයි
පළමු තරඟ දෙකේම ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිලට ලෝක කුසලාන සිහිනය අහිමි වෙයි

ලෝක රග්බි සම්මේලනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි වල සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ඒ රග්බි වලට ඇති දේශපාලන අතපෙවීම් සහ රග්බි අතුරු නීති කඩකිරීම සම්බන්ධයෙන්. මෙම තත්වය තුළ නැවත පවතින ගැටලු නිරාකරණය කරගනිමින් ශ්‍රී ලංකාව තුළ රගර් ක්‍රීඩාව කිසිඳු අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහය ලබාදීමට ලෝක රග්බි සංගමය සහ ආසියානු රග්බි සංගමය එකඟ වී ඇත.

ඔවුන් පවසන පරිදී මූලිකම අදියර වන්නේ රග්බි පරිපාලන ව්‍යුහයේ ගැටලු නිරාකරණය කිරීම වේ. ඉන්පසු අදාළ වගකිවයුතු අංශ සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට ඉදිරියේදී ආසියාවේ පැවැත්වෙන තරඟාවලි සඳහා සහභාගී වීමට හැකියාව ලබාදීම වේ.

වත්මන් ගැටලුකාරී තත්වය විසඳා ගැනීම සඳහා ලෝක රග්බි හා ආසියානු රග්බි සංගම් ශ්‍රී ලංකාවේ දී අදාළ වගකිවයුතු පාර්ශවකරුවන් සමඟ රැස්වීම් හා වැඩසටහන් මාලාවක් කඩිනමින් පැවැත්වීමට නියමිතයි.

Share this:
error: Content is protected !!
×