HomeNewsSri Lankan News

ශ්‍රී ලංකා ක්‍රිකට් වල ආදරණීය super fan,  Uncle Percy ඔබට සුබ ගමන්!

ශ්‍රී ලංකා ක්‍රිකට් වල ආදරණීය super fan,  Uncle Percy ඔබට සුබ ගමන්!

Percy Abeysekara දශක පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟවල නිත්‍ය දිරිගන්වන්නෙකු වූ නමුත් 1996 ලෝක කුසලානයේදී ඔහු ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත්

විදේශීය මැදිහත්වීම්, ඔත්තු සේවා හා ප්‍රචණ්ඩ අන්තවාදයෙන් වැඩිවන තර්ජන ගැන නවසීලන්ත රහස් ඔත්තු සේවාව (NZSIS) අවධාරණය කරයි
කාන්තා දෙවන ODI තරඟයේ ජය නවසීලන්තයට
Zoe Hobbs කාන්තා Sprint නවසීලන්ත වාර්තාවක් සමඟ පැරිස් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබයි.

Percy Abeysekara දශක පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟවල නිත්‍ය දිරිගන්වන්නෙකු වූ නමුත් 1996 ලෝක කුසලානයේදී ඔහු ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් විය. Uncle Percy ලෙස ආදරයෙන් හඳුන්වන ශ්‍රී ලංකා ක්‍රිකට් වල අසමසම දිරිගන්වන්නා  Percy Abeysekara මිය යන විට 87 වන වියෙහි පසු විය.

ඔහු දශක පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟවල දිරිගන්වන්නා ලෙස තරඟ නැරඹීමට සහභාගී වූ නමුත්, 1996 ලෝක කුසලාන තරඟාවලියේදී, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අවසන් තරඟයේ ජයග්‍රහණයෙන් පසුව, ශ්‍රී ලංකා ධජය Lahore පිටිය වටේ ගෙන යන විට, ඔහු දෙස් විදෙස් කා අතරත් කතා බහට ලක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විදේශිකයන් යන දෙඅංශයෙන්ම ක්‍රීඩකයන් සමඟ ඉංග්‍රීසි භාෂා වෙන් විහිළු තහළු කරමින් ඉතා මිත්‍රශීලී දිරිගන්වන්නකු ලෙස අදහස් හුවමාරු කර ගැනීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන Percy ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය කරන සෑම තැනකම, විශේෂයෙන් ටෙස්ට් තරඟ අතරතුර නිතර දක්නට ලැබුණි.

ඔහු දශක ගණනාවක් පුරා ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව භුක්ති විඳින ලද ගෞරවනීය ප්‍රේක්ශකයෙකි. 1980 දී, මාටින් ක්‍රෝ ඔහුගේ තරඟයේ වීරයා කුසලාන වලින් එකක් Percyට ප්‍රදානය කළේය.

මේ වසරේ ආසියානු කුසලානය අතර Rohith Sharma, Percyගේ නිවසට ගොස් සුව දුක් බලන්නට ද විය. කෙසේ නමුත් ඒ රෝගී තත්වය හේතුවෙන්  අවසානයේදී Uncle Percy අපෙන් සමුගන්නට විය. ආදරණීය  Uncle Percy ඔබට සුබ ගමන්!

Share this:
error: Content is protected !!
×