HomeNewsSri Lankan News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දක්වති

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දක්වති

චීනයේ Hangzhou හී පැවැත්වෙන ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.ඊයේ දිනයේ ද

නවසීලන්තය පුරා කුඩා ටොනේඩෝ ඇතිවීමට හේතුව?
ප්‍රවාහන ඩිජිටල්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි
ක්‍රයිස්ට්චර්ච් හි ඊසාන දෙසින් භූමිකම්පාවක්

චීනයේ Hangzhou හී පැවැත්වෙන ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

ඊයේ දිනයේ දී ප්‍රදීප් ⁣සෝමස්රි T46 මීටර් 1500 ඉසව්වෙන් ක්‍රීඩා උළෙල වාර්තාව සමගින් (මිනිත්තු 4:05.14) ආසියානු පැරා ක්‍රීඩා රන් පදක්කම හිමි කරගත් අතර නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් ක්‍රීඩා උළෙල වාර්තාව සමගින් (11.63) ආසියානු පැරා ක්‍රීඩා රන් පදක්කම හිමි කරගන්නා ලදි.

අද ජනනී ධනංජනා ආසියානු පැරා උළෙලේ T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 4.89 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමිකරගත් අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංගා හිමිකරගත්තා.

යගුලිය දැමීම ඉසව්වෙන් පාලිත බණ්ඩාර පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු පැරා උළෙලේ F63 ලෝකඩ පදක්කම හිමි කරගනු ලැබුවා. පාලිත මීටර් 14.15 ක දක්ෂතාවක් දැක්වූවා.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත දුලාන් (F44) ක්‍රීඩා උළෙල වාර්තාව සමගින් F64 ආසියානු පැරා ක්‍රීඩා රිදී පදක්කම හිමි කරගත්තා.

Share this:
error: Content is protected !!