නවසීලන්ත තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ Grant Bradburn පාකිස්ථානයේ ප්‍රධාන පුහුණුකරු වශය
නවසීලන්ත තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ Grant Bradburn පාකිස්ථානයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් අවුරුදු දෙකක් සඳහා පත් කොට තිබෙනවා.
පසුගිය නවසීලන්ත සංචාරයේ T20 තරඟාවලිය 2-2ක් ලෙස සම කිරීමටත් එක්දින තරගාවලිය ජයග්‍රහණය කරමින් ICC එක්දින ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට පාකිස්තාන කණ්ඩායමට පත්වීමට අවශ්‍ය සහය දැක්වීමට Grant Bradburn සමත්වීම, එම තෝරා ගැනීමට හේතු වී තිබෙනවා. මීට ප්‍රථම පාකිස්ථාන කණ්ඩායමේ පන්දුරැකිමේ පුහුණුකරු ලෙස ද Grant Bradburn කටයුතු කොට තිබෙනවා.
එපමණක් නොව පාකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එවකට පුහුණුකරු ලෙස කටයුතු කළ Mickey Arthur වන අතර Grant Bradburn ගෙ පත්වීම කණ්ඩායමේ උන්නතියට මහත් රුකුලක් වන බව Mickey Arthur වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා.
Mickey Arthur පවසන්නේ “කණ්ඩායමක් ජයග්‍රාහී මාවතේ ගමන් කිරීමට නම් තමන්ගෙ රටට ආවේණික ක්‍රීඩා සංස්කෘතිය හා සන්නාමය පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු බවයි.”
කෙසේ නමුත් පාකිස්තානය එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය Grant Bradburn ගෙ සහය ඇතිව ක්‍රීඩා කරන ප්‍රධානතම තරගාවලි වනු ඇත.