HomeBusiness

නවසීලන්තයේ බදු අය කිරීම සාධාරණ ද?

මැතිවරණය ආසන්නයේ බදු පිලිබඳ සංවාදයක්.

නවසීලන්තයේ බදු අය කිරීම සාධාරණ ද?

නවසීලන්තයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව සංවාදයක් ඇතිව තිබෙනවා. මෙම බදු අය කිරීමේ ක්‍රමයේ සාධාරණ බව මින් ප්‍රශ්න කිරීමට ලක් කර ඇති අතර මේ පිළිබඳව අදහස් දක

Gisborne පාලමේ ඉදිකිරීම් අවසන් අදියරට.
නවසීලන්ත ජාතික පක්ෂ මාපිය නිවාඩු පනත රජය ප්‍රතික්ෂේප කළ හේතුව අගමැති හිප්කින්ස් පහදයි.
Kiri Allanගේ ඇමතිකම කාටද? අගමැති Chris Hipkins හෙළි කරයි

නවසීලන්තයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව සංවාදයක් ඇතිව තිබෙනවා. මෙම බදු අය කිරීමේ ක්‍රමයේ සාධාරණ බව මින් ප්‍රශ්න කිරීමට ලක් කර ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වන නවසීලන්තයේ අග්‍රාමාත්‍ය Chris Hipkins පවසා ඇත්තේ බදු ක්‍රමය වඩාත් සාධාරණ කිරීමට, ක්‍රම සොයා බැලිය යුතු බවයි. එමෙන්ම, නවසීලන්ත දත්ත ඒජන්සිය (StatNZ) නවසීලන්ත ගෘහස්ථ ධන අසමානතාවය (Household Wealth Inequality) ආදායම් අසමානතාවයට (Household Income Inequality)වඩා සැලකියයුතු ලෙස වැඩි බව පෙන්වා දී තිබෙනවා. 

එපමණක් නොව ආදායම් අසමානතාවය (Income Inequality) ධන අසමානතාවයට (Wealth Inequality) වඩා අඩුවෙන් ප්‍රකාශ වන බවයි නවසීලන්ත දත්ත ඒජන්සිය පෙන්වා දෙන්නේ. 2021 ජූනි වන විට ඉහළම සියයට 20 වාර්ෂික ගෘහ මධ්‍ය ආදායම (Annual Household Median Income) අඩුම සියයට 20 මෙන් 4 ගුණයක් පමණ වූ බව නවසීලන්ත දත්ත ඒජන්සිය (StatNZ) පෙන්නුම් කර තිබෙනවා. මෙය ධන බදු කෙරෙහි අවධානය යොමු කිරීමට හේතුවූ බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

තව ද දේශීය ආදායම් අංශය (Inland Revenue) 2022 ජූනි 30 දක්වා වසර තුළ බදු ණය ඩොලර් මිලියන 688 ක් සහ පෙර වසරේ ඩොලර් මිලියන 812 ක් කපා හරින ලදි. එබැවින් ණය එකතු කිරීම සඳහා වැඩි ආයෝජනයක් බදු ක්‍රමයේ සාධාරණත්වය වැඩි කිරීමේ තවත් ක්‍රමක් ලෙස නවසීලන්ත දත්ත ඒජන්සිය පෙන්වා දෙයි. කෙසේ නමුත් 2023 මැතිවරණ වසර තුළ බදු ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.

Share this:
error: Content is protected !!