පසුගිය වසරේ ඊජිප්තුවේ පැවති COP27 රැස්වීමේදී බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silvaගේ ඉල්ලීමෙන් පසුව මැයි 18 වන දින COP30 සත්කාරකත්වය සඳහා බ්‍ර
පසුගිය වසරේ ඊජිප්තුවේ පැවති COP27 රැස්වීමේදී බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silvaගේ ඉල්ලීමෙන් පසුව මැයි 18 වන දින COP30 සත්කාරකත්වය සඳහා බ්‍රසීලයේ ලංසුව එක්සත් ජාතීන් විසින් අනුමත කළ බව බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
2025 දී COP30 නම් ජාත්‍යන්තර දේශගුණික රැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බ්‍රසීලය තෝරාගෙන ඇත.
මෙම සමුළුව Belem do Para හි පැවැත්වෙන බව බ්‍රසීලයේ ජනාධිපති Luiz Inacio Lula da Silva විසින් නිවේදනය කළේය. Belem do Para යනු Amazon වනයට මායිම්ව පිහිටා ඇති උතුරු බ්‍රසීලියානු නගරයකි.
එය Para ප්‍රාන්තයේ අගනුවර වන අතර එය ඇමසන් ගංගා මෝය ආශ්‍රිතව පිහිටා ඇත.
Para හි ආණ්ඩුකාර Helder Barbalho පවසන්නේ, මෙම සමුළුව මෙහි පැවැත්වීම මුළු රටටම ගෞරවයක් මෙන්ම ආදිවාසී අයිතීන්, බ්‍රසීලයේ පරිසරය සහ එහි තත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැකි අවස්ථාවක් වනු ඇති බවයි.
ලූලා ඇමේසන් වන විනාශය විසඳීමටත් විනාශ කළ කොටස නැවත ප්‍රතිස්ථාපනය කිරීමටත් පොරොන්දු වී ඇත.