HomeNewsNew Zealand News

2023 සංගණනය අසාර්ථක වේ යයි, National පක්ෂය අනතුරු අඟවයි. 

2023 සංගණනය අසාර්ථක වේ යයි, National පක්ෂය අනතුරු අඟවයි. 

2023 සංගණනය අසාර්ථක වේ යයි, National පක්ෂය අනතුරු අඟවයි. 

මෙවර නවසීලන්ත සංගනණය ආසාථක වේ යයි නවසීලන්ත National පක්ෂය පවසනවා. මේ වනවිට අවම වශයෙන් 90%ක ජනතාවගෙන් ප්‍රතිචාර ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නවසීලන්

Nelson Tasman සහ Wellington හි ලැව්ගිනි අවධානමක්!
නවසීලන්තයේ Bay of Plenty වලට 4.2 ක භූමිකම්පාවක්
නවසීලන්ත සතිපතා COVID-19 සිද්ධි යාවත්කාලීන කිරීම

මෙවර නවසීලන්ත සංගනණය ආසාථක වේ යයි නවසීලන්ත National පක්ෂය පවසනවා. මේ වනවිට අවම වශයෙන් 90%ක ජනතාවගෙන් ප්‍රතිචාර ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නවසීලන්ත දත්ත ඒජන්සිය සමත් නොවීම හේතුවෙන් මෙවර සංගණනය අසාර්ථක වෙමින් පවතින බව National පක්ෂ සංඛ්‍යාලේඛන ප්‍රකාශක Simon Watts  වැඩිදුරටත් කියා සිටී. සංඛ්‍යාලේඛන අමාත්‍ය ඩෙබොරා රසල් (Deborah Russell) විශ්වාස කරන්නේ එවැනි අනාවැකියක් කිරීමට ඉක්මන් වැඩි බවයි.

නවසීලන්ත දත්ත ඒජන්සිය බ්‍රහස්පතින්දා සිය වෙබ් අඩවියේ සටහන් කළේ මිනිසුන්ට දත්ත පිරවීමට තවමත් කාලය ඇති බවයි. එහි තක්සේරුව අනුව දෙසැම්බර් අග වන විට ජනගහනය මිලියන 5.15 කට වඩා වැඩි බව ගණන් බලා ඇත. එපමණක් නොව නවසීලන්ත දත්ත ඒජන්සිය පසුගිය සතියේ උපදෙස් දුන්නේ මෙම සංගනණය සිදුවූවත් සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ Far North, Te Tairawhiti සහ Hawke’s Bay යන ප්‍රදේශවල ජනතාවට ජූනි මස ආරම්භය දක්වා දිගටම උපකාර කරන බවයි. රජයේ නියෝජ්‍ය සංඛ්‍යාලේඛනඥ Simon Mason සඳහන් කළේ, මැයි 9 වනදා සිට, සියළුම සංගණන ආකෘති පිරවීම නොකළ පුද්ගලයින්ට “අවසන් දැන්වීමක්” ලැබෙනු ඇති බවයි. රජය විසින් සංගනණය ජුනි මාසය දක්වා කාලය දීර්ඝ කර ඇති අතර, සංගණනය සම්පූර්ණ නොකරන පුද්ගලයින්ට දඩයකට මුහුණ දීමට සිදුවනු ඇත. කෙසේ නමුත් 2023 සංගණනයේ දී නවසීලන්තය 2018 ප්‍රතිචාර අනුපාතයට වඩා ඉදිරියෙන් සිටින බව නවසීලන්ත දත්ත ඒජන්සිය පවසනවා.

Share this:
error: Content is protected !!