HomeGeneral

ශ්‍රී ලංකාවේ යූටියුබ් නාලිකාවකට එරෙහිව වාරණ නියෝගයක් …

ශ්‍රී ලංකාවේ යූටියුබ් නාලිකාවකට එරෙහිව වාරණ නියෝගයක් …

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ කීර්ති නාමයට හානියක් වන ‘යූ ටියුබ්’ වීඩියෝ පට විකාශනය කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ දෙකක් නිකුත් කර තිබේ.

සැප්තැම්බරයෙන් ආරම්භවූ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩා වසන්තය
බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් …
ශ්‍රී ලංකාවේ දැනට පවතින දික්කසාද නීතියේ වත්මන් තත්වය…

කොළඹ දිසා මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමේ මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇතුළු තිදෙනෙකු විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය. එම නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම වාරණ දෙක 2023 මැයි 10 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි. සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් වන X-Press Pearl ව්‍යසනයට අදාළ වන්දි මුදල සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මෙම නියෝගයෙන් වළක්වයි.

විත්තිකරු 2023 අප්‍රේල් 20 වැනි දින මෙම කාරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ පටයක් විකාශය කර තම සේවාදායකයන් දැඩි අපහසුතාවයට පත් කර ඇති බව පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. රුපියල් බිලියනයක් සහ විපතට පත් පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ලබාදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණා.

Share this:
error: Content is protected !!