HomeGeneral

සැප්තැම්බරයෙන් ආරම්භවූ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩා වසන්තය

සැප්තැම්බරයෙන් ආරම්භවූ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩා වසන්තය

ක්‍රීඩා ලෝලීන්ටම වෙන්වූ ක්‍රීඩා වසන්තයක් මේ වන විටත් ආසියානු කුසලාන ක්‍රික්ට් තරඟාවලියේ සුපිරි 4 වටය සහ ප්‍රංශයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟාවලියත් සමඟ ආරම්භවී ඇත.

ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි
පළමු තරඟ දෙකේම ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිලට ලෝක කුසලාන සිහිනය අහිමි වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සුපිරි වෙඩිලි හතරක්

රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 8 වනදා ආරම්භ වූ අතර ඊයේ පැවති තරඟ වලදී ඉතාලිය, අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ඉදිරියෙන් සිටීයි. රග්බි ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝබර් 28 දක්වා පැවැත්වේ. තවද 19වෙනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හීදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවට වාර්තා වෙයි. එය 2022 වසරේ පැවත්වීමට නියමිතව තිබුණද කොවිඩ් නිසා තරඟාවලිය එම දිනවල පැවැත්වීමට නොහැකිවූ බැවින් එය මෙම වසරේ එනම් (2023) සැප්තැම්බර් 23 වන දින ආරම්භවීමට නියමිතයි. එහිදී ක්‍රීඩා අංග 40කට අධික ප්‍රමාණයක පැවැත්වේ. මෙම තරඟ ඉසව් ඔක්තෝබර් මස 8 වනදා තෙක් පැවැත්වේ.

ක්‍රිකට් ලෝලීන්ගේ පුල පුලා බලාසිටි තරඟාවලිය වන ක්‍රිකට් පිරිමි ලෝක කුසලාන තරඟාවලිය මෙවර ඉන්දියාවේ පැවැත්වෙන අතර ඒ සඳහා තරඟ වට 48ක් පැවැත්වේ. එය ඔක්තෝබර් මස 5 වෙනිදා ආරම්භවීමට නියමිතයි. පළමු තරඟය නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් මස 7 වනදා දකුණු අප්‍රිකාව සමග තරඟ වදී. අවසන් මහා තරඟය නොවැම්බර් මස 19 වනදා පැවැත්වේ.

Share this:
error: Content is protected !!