ප්‍රභාත් ජයසූරිය පසුගිය වසරේ සිය මංගල ටෙස්ට් තරගයෙන් පසු සාර්ථක තරඟ සංඛ්‍යාවකින් පසු ටෙස්ට් කඩුලු 50ක් දවා වේගවත්ම දඟ පන්දු යවන්නා ලෙස නම් දැරීමට ආසන්නය.
ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන්නා ටෙස්ට් තරග 7කදී කඩුලු 48ක් දවාගෙන ඇති අතර අයර්ලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේදී තවත් කඩුලු 2ක් දවාගනිමින් දඟපන්දු යවන්නන් අතර ටෙස්ට් කඩුලු 50ක් ලබා ගැනීමට අවශ්‍ය අඩුම තරග සඳහා නව වාර්තාවක් පිහිටුවිය හැකිය. ඔහු දැනට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර් සහ එංගලන්ත වේගපන්දු යවන ටොම් රිචඩ්සන් සතුව ඇති සමස්ත වේගවත්ම කඩුලු 50 කරා ළඟා වූවන් අතර සම දෙවැනියා බවට පත්වීමට හැකිය. ජයසූරිය තවදුරටත් එවැනිම මට්ටමේ දස්කම් දක්වන්නේ නම්, වේගවත්ම පන්දු යවන්නා ලෙස කඩුලු 100 පසු කළ වාර්තාවද බිඳ දැමිය හැකි බ්වට ලෝක ක්‍රිකට් ආයතනය තවදුරත් සඳහන් කරයි.