HomeEntertainment

Twilight ටෙලිකතා මාලාවක් ලෙස ප්‍රේක්ශක ඔබ අතරට….

Twilight ටෙලිකතා මාලාවක් ලෙස ප්‍රේක්ශක ඔබ අතරට….

ස්ටෙෆනි මෙයර් විසින් රචිත ලොව ප්‍රකට Twilight කතා මාලාව ටෙලි කතා මාලාවක් ලෙස Lionsgate Tv හරහා ප්‍රචාරය කිරීමට නියමිත බවට CNN ප්‍රවෘත්ති සේවය පවසනවා.

ජනාධිපති සිනමා සම්මාන උළෙල අවුරුදු 3කට පසු උත්කර්ශවත් අන්දමින් පවත්වයි
ශ්‍රී ලාංකේය ප්‍රහසන ගායක සඳරු සත්සර ලෝකයේ හොඳම සිය දෙනා අතරට …
“Queen of Rock ‘n’ Roll”, Tina Turner මිය යයි.

ස්ටෙෆනි මෙයර් විසින් රචිත ලොව ප්‍රකට Twilight කතා මාලාව ටෙලි කතා මාලාවක් ලෙස Lionsgate Tv හරහා ප්‍රචාරය කිරීමට නියමිත බවට CNN ප්‍රවෘත්ති සේවය පවසනවා. මේ පිළිබඳව Lionsgate මාධ්‍ය ප්‍රකාශකයාගෙන් විමසීමක් කළ විට ඒ පිළිබඳව වැඩිදුර විස්තර ප්‍රචාරය ප්‍රතික්ෂේප කොට තිබෙනවා. මෙම නවකතා මාලාව Twilight නමින් මුලින්ම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2005 වසරේදී වන අතර එය New Moon, Eclipse සහ Breaking Dawn වශයෙන් 2008 දක්වා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මේ වන විට එහි පිටපත් මිලියන 100 ද ඉක්මවා විකිණී ඇති බව සඳහන්. කෙසේ නමුත් මෙම ග්‍රන්ථ හතර මුල් කරගෙන The Twilight Saga නමින් චිත්‍රපට 5ක් නිෂ්පාදනය වූ අතර 2008 ප්‍රථම චිත්‍රපටය තිරගත විය. එහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලැබුවේ Kristen Stewart, Robert Pattinson සහ Taylor Lautner වන අතර මින් ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයා ගන්නා ලදී. නමුත් මෙම නවතම ටෙලි කතා මාලාව පිළිබඳව විස්තර තවම නිල වශයෙන් දැනුම් දී නොමැත. මේ පිළිබඳව ප්‍රේක්ෂකයින් දැඩි අවධානයෙන් සිටිනු ඇතැයි සිනමා විචාරකයන් පවසා සිටී.

Share this:
error: Content is protected !!
×