ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නියෝජිතයෝ පිරිසක් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී හමුවූහ. ශ්‍රී ලංකාව සහ මාල
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නියෝජිතයෝ පිරිසක් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී හමුවූහ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂ ජොනි
සිම්ප්සන්, ප්‍රධාන තාක්ෂණික උපදේශක තෝමස් කිං, ‘කෙයා’ ව්‍යාපෘතිය සඳහා ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක මේරියන් ප්‍රනාන්දු සහ වැඩසටහන් නිලධාරී අසිත සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහූ මෙම නියෝජිත පිරිස අතර වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී වූවාය.


මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, සමාජ සාධාරණත්වයේ මූලධර්ම මෙන්ම කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් සාධාරණ සංවර්ධනයක් සහතික කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ කම්කරු නීති සහ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා සහාය වීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අඛණ්ඩ සහය ලබා දීමට අපේක්ෂා කරන බව එම නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ. වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර දුරලීම පිළිබඳ C190 සම්මුතිය සහ ආරක්ෂිත සහ සාධාරණ සේවා ස්ථාන ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.