HomeNewsSri Lankan News

Wellington වලට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

Wellington වලට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයේ Wellington හී නව මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කෙරේ. එම කාර්යාලය 38, Petheric Tower, Waring Taylor Street, Wellington Central, Wellington

ජනපති නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාව ඉවත් කෙරේ
Turkey තානාපති ශ්‍රී ලංකා කථානායක හමුවෙයි
නාම යෝජනා භාර ගැනීම අවසන් මහ මැතිවරණ උණුසුම ඇරඹෙයි

නවසීලන්තයේ Wellington හී නව මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කෙරේ. එම කාර්යාලය 38, Petheric Tower, Waring Taylor Street, Wellington Central, Wellington 6011 හී 8වන මහලෙහි ස්ථාපිත කර ඇත.

2025 මාර්තු 3 වන දින සිට consular සේවා සැපයීම ආරම්භ කරන අතර සෑම සඳුදා දිනක සිට සිකුරාදා දක්වා පෙ.ව 9.30 – ප.ව 1.30 දක්වා සේවා සැපයීමට කටයුතු සලස්වා ඇත.

මෙම කාර්යාලයෙන් ඔබට විදේශ ගමන් බලපත්‍ර, ඇටෝනි බලපත්‍ර, උපත් ලියාපදිංචි කිරීම, ද්විත්ව පුරවැසිභාවය, විශ්‍රාම වැටුප් සම්බන්ධ තොරතුරු, දිවුරුම් ප්‍රකාශ වැනි කාර්යයන් සිදු කර ගත හැක.

මීට අදාළ අයදුම්පත් සකස් කර ගැනීම, වෙලින්ටන්හි වෙබ් අඩවිය සක්‍රීය කරන තෙක්, ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අදාල වෙබ් අඩවියේ උපදෙස් පිළිපැදීමට කටයුතු කරන මේන් ඉල්ලීමක්ද කර ඇත. අයදුම්පත් ඉදිරිපත් කිරීම දෙයාකාරයකට සිදු කළ හැකි අතර මහකොමසාරිස් කාර්යාලයට පැමිණ භාරදිය හැකි මෙන් ම ලියාපදිංචි තැපෑල මගින්ද අයදුම්පත් යොමු කළ හැකිය.

වැඩි දුර තොරතුරු සඳහා slhc.wellington@mfa.gov.lk වෙත email පණිවුඩයක් මගින් තොරතුරු විමසිය හැකිය. එමෙන්ම 02108143469 දුරකථන අංකය මගින් පෙ.ව. 9.30 සිට 3.30 දක්වා මහ කොමසාරිස් කාර්යාලයෙ කන්සියුලර් සේවා අංශය සම්බන්ධ කරගත හැක.

Share this:
error: Content is protected !!
×