HomeNewsSri Lankan News

අධිකරණය තුළදී වූ සිදුවීම ගැන මහජන ආරක්ෂක ඇමති දුකෙන්

අධිකරණය තුළදී වූ සිදුවීම ගැන මහජන ආරක්ෂක ඇමති දුකෙන්

හුදකලා සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍

කථානායකතුමා පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
FCDO හි ඉන්දු – පැසිෆික් ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා හමුවෙයි
අභිනව කථානායක ලෙස අචාර්ය අශෝක රංවල මහතා  පත්කෙරේ

හුදකලා සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ දිනයේදී අධිකරණය තුළදී වූ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් ය. වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාආරච්චි නැමැත්තා බවට හඳුනාගෙන ඇතැයි ද සදහන් විය.

පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ ඝාතන රැසකට සැකකරු සම්බන්ධ බවට පරීක්ෂණවලින් පෙනී යන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

“අධිකරණය තුළ සිදු වූ අවාසනාවන්ත සිදුවීම ගැන අපි බලවත් කනගාටුව පළ කරනවා. පසුගිය දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වූ අතර රජය මෙම ගැටලුව විසඳීමට දැඩි පියවර ගෙන තිබෙනවා.

ඊයේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනුණා. පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර, මේවා හුදකලා පාතාල ක්‍රියාකාරකම් මිස ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව අපි තහවුරු කරනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම සිදුවීම් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන පිරිස් විවේචනය කළ අමාත්‍යවරයා, “දැන් එවැනි ප්‍රකාශ කරන අයගේ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට ගිනි තැබුවා, ඝාතන සිදුවුණා.“ යනුවෙන් ද කියා සිටියේය.

Share this:
error: Content is protected !!
×