HomeNewsSri Lankan News

අයිරාංගනී මැතිණියට කොළඹ සරසවියෙන් උපහාර

අයිරාංගනී මැතිණියට කොළඹ සරසවියෙන් උපහාර

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය බිහි කළ (කොළඹ මණ්ඩ­පය) විද්‍යා­ර්ථීන් අතර ජීව­මා­නව සිටින පැර­ණි­තම විද්‍යා­ර්ථි­නිය ලෙස සම්මා­න­නීය රංග­වේ­දිනී අයි­රාං­

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, ජනමාධ්‍ය පීඨය ලෙස ගැසට් කෙරේ
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ කෞතුකාගාරයක් විවෘත කෙරේ..
කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිකාවට ඖෂධයක්.

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය බිහි කළ (කොළඹ මණ්ඩ­පය) විද්‍යා­ර්ථීන් අතර ජීව­මා­නව සිටින පැර­ණි­තම විද්‍යා­ර්ථි­නිය ලෙස සම්මා­න­නීය රංග­වේ­දිනී අයි­රාං­ගනී සේර­සිංහ මහ­ත්මිය සම්මානයට පාත්‍රවී ඇත.

මේ වන­විට 97 වැනි වියෙහි පසු­වන එතුමිය 40 දශ­ක­යේදී කොළඹ සර­ස­වියේ කිං ජෝර්ජ් ශාලා­වෙන් ඇරඹි රංගන ජීවි­තය තුළදී සුවි­ශේෂී කලා නිර්මාණ රාශි­ය­කට පණ­පෙ­වී­මට ඇය සමත් විය. දශක ගණ­නා­වක් පුරා­වට ඇය විසින් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍ර­යට සිදු කරන ලද අප්‍ර­මාණ සේවය උදෙසා පෙරේදා (28) දින ඇතු­ල්කෝට්ටේ පිහිටි එතු­මි­යගේ නිවසේදී එතුමිය හට විශේෂ සම්මානයක් පිළිගන්වන ලදි.

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති මහාචාර්ය H.D කරුණාරත්න මහතා ඇතුළු ආදී විද්‍යා­ථීන්ගේ සංවි­ධා­නය, සාමා­ජි­ක­යන් හා කලා මණ්ඩ­ලය, ශිෂ්‍ය අනු­ශා­සක කාර්යා­ලය සහ විනය ආර­ක්ෂක කාර්යා­ලය එක්ව ඇගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙම උප­හාර පිදීමේ උලෙළ සංවි­ධා­නය කරනු ලැබීය. ඇයගේ ප්‍රථම සිනමා නිර්මා­ණය වන “සංදේ­ශය” මාර්තු මස 11 වැනි දින සවස 2.30ට නව කලා­ගා­ර­යේදී ප්‍රද­ර්ශ­නය කිරී­මට අපේක්‍ෂා කෙරේ.

Share this:
error: Content is protected !!
×