HomeNewsSri Lankan News

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ කෞතුකාගාරයක් විවෘත කෙරේ..

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ කෞතුකාගාරයක් විවෘත කෙරේ..

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ 104 වැනි සංවත්සරය සමරනු වස් වසර100 ක් තුළ සිසූන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් භාවිතා කළ ඉපැරැණි  දුර්ලභ විද්‍යා

අයිරාංගනී මැතිණියට කොළඹ සරසවියෙන් උපහාර
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, ජනමාධ්‍ය පීඨය ලෙස ගැසට් කෙරේ
කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිකාවට ඖෂධයක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ 104 වැනි සංවත්සරය සමරනු වස් වසර100 ක් තුළ සිසූන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් භාවිතා කළ ඉපැරැණි  දුර්ලභ විද්‍යා උපකරණ එකතුවකින් යුතු කෟතුකාගාරයක් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පීඨ පරිශ්‍රයේදී ඊයේ (21) විවෘත කෙරිණි.

හෞතික විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ නව කෟතුකාගාරය කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එචිි. ඩී. කරැණාරත්න මහතා අතින්   විවෘත කෙරිණි .

දිවයිනේ භෞතික විද්‍යාවෙිි තිඹිරිගෙය වශයෙන් හදුන්වන කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සිසුන්ගේ අධ්‍යාපන වෙනුවෙන් අතීතයේ භාවිතා කළ මෙම විද්‍යා මෙවලම් දැනට ඇමරිකාවේ නාසා ආයතනය ඇතුළු ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයින් හා තාරකා විද්‍යාඥයින් පරිශීලනය  කල උපකරණ වෙයි

මෙම අවස්ථාවට විද්‍යා  පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සොන්නාදර ,  වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය මහේෂ් එදිරිසිංහ ඇතුළු ,භෞතික විද්‍යා අංශයේ විශ්‍රාම ගොස් මෙතෙක් ජීවත්ව සිටින ආචාර්ය මහාචාර්යවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ .

Share this:
error: Content is protected !!
×