HomeNew Zealand

ඕක්ලන්ඩ් ගුවන්තොටුපොළේදී ඩොලර් මිලියන 10ක මෙත්ඇම්ෆෙටමින් තොගයක් අත්අඩංගුවට

ඕක්ලන්ඩ් ගුවන්තොටුපොළේදී ඩොලර් මිලියන 10ක මෙත්ඇම්ෆෙටමින් තොගයක් අත්අඩංගුවට

ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් වෙන වෙනම සිදුවූ දෙ සිද්ධියකදී මගීන් තිදෙනෙකු සතුව තිබූ නිව්සීලන්ත ඩොලර් මිලියන 10කට අධික වටින

නවසීලන්ත වැසියන්ගේ තරබාරු භාවය පිළිබඳව වාර්තාවක් නිකුත් වෙයි
කාන්තා දෙවන ODI තරඟයේ ජය නවසීලන්තයට
ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස Covid-19 ඉවත් කිරීමට WHO ගත් තීරණය ගැන වසංගත රෝග විද්‍යාඥයාගේ අදහස.

ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් වෙන වෙනම සිදුවූ දෙ සිද්ධියකදී මගීන් තිදෙනෙකු සතුව තිබූ නිව්සීලන්ත ඩොලර් මිලියන 10කට අධික වටිනාකමින් යුත් මෙත්ඇම්ෆෙටමින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. නව වසරේ පළමු දිනයේදී කැනඩාවෙන් පැමිණි පුරුෂයින් දෙදෙනෙකුගේ පරීක්ෂාවට ලක් කළ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 20ක මෙත්ඇම්ෆෙටමින් තොගයක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත්ව ඇත. තවද, බ්‍රහස්පතින්දා දින හොනොලුලු නුවර සිට පැමිණි කාන්තාවක් සතු ගමන් මල්ල තුළ තිබූ දැඩි ඇඳුම් වල සඟවා තිබූ කිලෝග්‍රෑම් 7ක පමණ මෙත්ඇම්ෆෙටමින් තොගයක්ද සොයාගැනීමට හැකිවී තිබේ.

ඕක්ලන්ඩ් ගුවන්තොටුපොළේ රේගු කළමනාකරු පොල් විලියම්ස් මහතා පැවසූ අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිවාඩු සමයේ සංචාරක තදබදය ඉලක්ක කරගෙන ඇති නමුත්, බුද්ධි අංශ සහාය ඇතිව කටයුතු කරන කාර්යක්ෂම නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස සංචාරකයින්ගෙන් ඔහු ඉල්ලා සිටියේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මනුකාවු දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටීමට නියමිතය.

Share this:
error: Content is protected !!
×